අම්මගෙයි තාත්තයි ඇස්වල කඳුළු දකිනකොට ගොඩක් දුක හිතුණා - පහන්දි වල්පිට

Wednesday, April 07, 2021 , 0 Comments




හුරතල් බසින් මේ පුංචි රටම අවදි කළ ‘පොඩි බේබි’ ඔබට මතක ඇති. ඒ පුංචි තාරකාවියට ඔබත් ආදරය කළ බව අපි දන්නවා. ගෝරියක් අස්සේ පැටලුණු මේ පුංචි තාරකාවිය තමයි පහන්දි වල්පිට. මේ දවස්වල ‘දාම්’ ටෙලිනාට්‍යයෙනුත්, ‘මහපොළොව’ ටෙලිනාට්‍යයෙනුත් ඇය නැවැත ඔබට හමුවෙනවා. ඉතින් ඒ පුංචි තාරකාවියගේ ඇගේ තොතරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


අපි කැමැති දුවගේ නම දැනගන්න මුලින්?

මම පහන්දි නෙතාරා වල්පිට.


එතකොට පාසල?

ජේම්ස් ඉන්ටර් නැෂනල් කොලේජ් රත්නපුර. මම තුන වසරේ තමයි දැන් ඉන්නේ.


 දුව රඟපාන ටෙලිනාට්‍ය කිහිපයක්ම අපි දැක්කා. ඒ අතර මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වෙනස් විදියට රඟපානවා?

‘දාම්’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ‘බට්ටිචචිගේ’ චරිතය. මහා පොළොව ටෙලිනාට්‍යයේ ‘අනෝහාමිගේ’ චරිතය රඟපානවා. ටෙලිනාට්‍ය දෙකම මට විශේෂ වුණා මම රඟපාන චරිත දෙකම එකිනෙකට වෙනස් නිසා.


ඔයා වැඩිපුරම කැමැති ‘බට්ටිච්චි’ටද එහෙමත් නැතිනම් ‘අනෝහාමි’ටද?

මම චරිත දෙකටම කැමැතියි. මොකද ඒ චරිත දෙකේම මම රඟපාන්නේ වෙනස් චරිත නිසා. මට වටිනාකමක් දැනුණා. හැබැයි ඉතින් මට ආදරය කරන නැන්දලා, මාමලාගෙන් ලැබෙන ප්‍රතිචාර වෙනස්.


 ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක දුවට විවිධ නම්වලන් ආමන්ත්‍රණය කරනවා ඇති?

අම්මෝ ඔව්. මගේ පාසලේ මගේ යහළුවන්ටත් දැන් මගේ නම අමතක වෙලා. මම රඟපාන චරිතවල නම්වලින් තමයි මට කතා කරන්නේ. මට ඉතින් එතකොට ගොඩාක් සතුටුයි. තවතවත් රඟපාන්න හිතෙනවා.


 ‘ගෝරි’ චිත්‍රපටය තමයි දුව රඟපාපු පළමු චිත්‍රපටය. මොකද හිතෙන්නේ?

ගොඩාක් සතුටුයි. මාව ගොඩදෙනෙක් අඳුරගත්තේ ‘ගෝරි’ චිත්‍රපටය හරහා. අදටත් මඟතොටදී ‘පොඩි බේබි’ කියලා තමයි කතා කරන්නේ. ඉතින් මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගත්ත හර්ෂ උඩකන්ද මාමාට වගේම මම සමඟ රඟපාපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම බුදුසරණයි කියනවා.


 පළමු චිත්‍රපටයේ රඟපෑම දකිද්දී මොකද හිතුණේ?

සතුට වැඩිකමට ඇඬුණා. මට වඩා ගොඩාක් ඇඬුවේ මගේ අම්මයි, තාත්තයි. එයාලාගේ ඇස්වලින් කඳුළු දකින කොට මට ගොඩාක් දුක හිතුණා.


 දුවට තවම සම්මානයක් ලැබුණේ නැහැ නේද?

ඔව්… ඉතින් මාත් ගොඩාක් ආශාවෙන් ඉන්නවා සම්මානයක් ලැබෙයි කියලා. හැමෝම කියනවා මට ඉදිරියේදී සම්මාන ගොඩාක් ලැබෙයි කියලා.



දුවට රඟපාන්න ගොඩාක් නිර්මාණවලින් ආරාධනා එනවා ඇති නේද?

ආරාධනා එනවා. ඒත් ඉතින් මම ඒ නිර්මාණවල රඟපානවද නැද්ද කියලා තීරණය කරන්නේ අම්මා තමයි. හොඳ නිර්මාණවලට තමයි මම ගොඩාක් සම්බන්ධ වෙලා රඟපාන්නේ.


 රඟපාන්න ගියාම ඉගෙනීමේ කටයුතු අතපසු වෙන්නේ නැද්ද?

මගේ පාසලේ ගුරුවරුන් මගේ අතපසු වෙන පාඩම් වැඩකටයුතුවලට ගොඩාක් උදවු කරනවා.


වසන්ත විතාරණගේ