පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් එක්ක මම අවුරුදු 10ක විතර කාලයක් ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වුණේ නැහැ - කුෂානි සඳරේඛා

Thursday, April 01, 2021 , 0 Comments




කුෂානි සඳරේඛා අපේ රටේ ජනප්‍රිය ගායිකාවක්.ඉතිං ඇය  ඇගේ මේ දවස් වල අලුත්ම විස්තර ගැන මෙලෙස පුවත්පතකට කියා තිබුනා.


මොනවද මේ දවස් වල අලුත් වැඩ?


අලුත් ගීත කිහිපයක් කරලා තියෙනවා. සමහර ගීතවල රූපරචනා කරලත් තියෙනවා. චිත්‍රපට ගීතත් කිහිපයක් කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ 'මිදුණු විශ්වය චිත්‍රපටයේ ගීතයක් කළා. නවරත්න ගමගේ මහතා තමයි එහි සංගීතය නිර්මාණය කළේ.


ප්‍රදීප් ධර්මදාස මහත්මයාගේ 'අයිස් ක්‍රීම්' චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා. එහි සංගීත නිර්මාණය කළේ කසුන් කල්හාර. Secound Show කියන ඉන්දියානු චිත්‍රපටයේ ගීතයකුත් ගායනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාගේ චිත්‍රපටයක ගීත කිහිපයකුත් කළා. ස්වතන්ත්‍ර ගීත කිහිපයකුත් කළා. මහේෂ් විතාන, දර්ශන රුවන්, කසුන් කල්හාර, නදීක ගුරුගේ සංගීත නිර්මාණය කළ ගීත ඒ අතර වෙනවා. අචල සොලමන් රචනය කළ 'ගැහැනු වතුව කියන ගීතයත් ඒ අතර තියෙනවා.


ඒ වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ බිමල් උදයකාන්ත ශබ්ද පරිපාලනය කරපු මගේ ගීතයකුත් එන්න තියෙනවා. යම් කාල පරාසයකින් පසුව ගායකයකු හෝ ගායිකාවක් ගීත එකතුවක් එළිදක්වන ඕනේ. ඉතින් කොරෝනා තත්ත්වය යමිකිසි මට්ටමකට පාලනය වුණාම ගීත ඇල්බමය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මේ කටයුතුත් එක්ක කාර්යබහුල ඇති? 

මම කොහොමත් මගේ පෞද්ගලික සහ වෘත්තීය කටයුතුත් එක්ක කාර්යබහුල වෙන කෙනෙක්. 


ඔබ ගායන මෙන්ම නර්තන කෞශල්‍යයෙන් පිරිපුන් ගායිකාවක්. දැන් නර්තනය නවන්වලාද? නැහැ. කටකාරකමි' කියන මගේ ගීතය නැවත නිර්මාණය කළා. එහි රූප රචනයත් සිදු කළා. එහි රූපරචනයට මම නර්තනය එක් කළා. ඒත් සමඟින් නර්තනයේ යෙදෙමින් ගීත ගායනය නැවත ඇරැඹුවා. නර්තනය දිගටම කරගෙන යනවා. කොහොමත් කුෂාණි කියන චරිතය මිනිසුන්ට දැනෙන්නේ නර්තනයේ යෙදෙමින් ගීත ගායනා කරන කොට.


රියැලිටි වැඩසටහන් විනිශ්චයට වැඩි ඉඩක් වෙන් කරලාද? කොහෙන්ම මම කලින් ඉඳලම විවිධ මාධ්‍යයවල, විවිධ නාළිකාවල විනිශ්චය මණ්ඩලවල හිටියා. ඉදිරියටත් ආරාධනා ලැබෙන විදිහට මම ඒවාට සම්බන්ධ වෙනවා.


ඒ වැඩසටහන්වලින් බිහිවන නවක ගායක ගායිකාවන් ඇත්තටම දක්‍ෂද? 

ඔව්. ඇත්තටම දක්ෂයෝ බිහිවෙනවා. ඔවුන්ගේ මානුෂීය ගුණාංග තමයි තව වර්ධනය කරගන ඕනෙ. අද සමාජයේ යම් යම් සිදුවීම් එක්ක ඇතැම් මිනිසුන්ගේ මානුෂීය පැත, මනුස්සකම කියන එක පොඩිඩක් පිරිහිලා. නිසා මේ නව පරපුර ඒ මානුෂීය පැත හදාගන්න ඕනෙ. අලුත් පරපුර ස්ත්‍රයේ වැඩ කරන්න අපි කාපු කට කෑවානම් සමහරවිට එහෙම නොවෙන්න තිබුණා. ඒකත් සාපේක්‍ෂයි. සමහර නවකයෝ ඉන්නවා ඉතාම හොඳින් සහෝදරයෙන් වැඩ කරන. ඒ පැත්ත වර්ධනය කරගන්න ඕනේ. දක්‍ෂතාව අතින් ගත්තම එදා වගේම දක්‍ෂයෝ අදත් ඉන්නවා.


නවකයන් ඔබට තරගයක්ද?

 මට තරග තියෙන්නේ මා එක පමණයි. මොකද මම නොදන්න දේවල් මගේ දක්‍ෂතාව මුවහත් කර ගන්නට මම ඉගෙන ගන්නවා. මට අවශ්‍ය ඉලක්කයට යන්න ඒක පහසුවක්. නවකයන් ගැන මම දැනුවත් සහ සවිඥානිකයි. පොඩි දරුවෙක්ගෙන් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් මම ඉගෙන ගන්නවා.


කොවිඩ් තත්වය නිසාවෙන් ප්‍රසංග වේදිකාවට ලොකු බලපෑමක් එල්ල වෙලා නේද? 


ඔව්. නමුත් මම නම් එළිමහන් ප්‍රසංගවලට යනවා අඩුයි. පොඩි කාලෙනම් එළිමහන් ප්‍රසංගවල හිටියා. සාමාන්‍ය පෙළ විභාගය වෙනකොට මම එළිමහන් ප්‍රසංගවලට යන එක අඩු කළා.


ඒ මතක යළිත් අවදි කළොත්? 

විභාග කරලා අවසන් වුණාට පසුව මම 'වරංගනා කියලා ගීත ඇල්බමයක් කළා. ඒ ගීත Top chatවල මාස ගණන් ප්‍රචාරය වුණා. මම ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල ගීත ගායනා කළා. ආදරණිය කතාවක් චිත්‍රපටයේ ගීතය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවි සම්මානය මට හිමිවුණා. 2000 වසරේදී තමයි මම ‘රේඛා’ මගේ දෙවැනි ඇල්බමය කළේ. Black Red White කියලා මගේ ඒකපුද්ගල ප්‍රසංගයකුත් කළා. ඒ වගේම කුෂාණි ලයිව් ඉන් කොන්සට් එක කළා. 


ප්‍රේක්‍ෂකයන්ට කියන්න යමක් ඇති? 

මම ගායිකාවක් විධියට ආව ඉතා අඩු ගීත රූප රචනා ප්‍රමාණයක් කරලා. නමුත් මගේ ගීත ගායනා වටා එකතු වුණු ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. මම ප්‍රේක්‍ෂකයෝ අතරට බලෙන් ගිය ගායිකාවක් නෙවේ. මගේ රසිකයන්ගේ ඉවසීම ගැන මට ලොකු සතුටක් තියෙන්නේ. මොකද පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් එක්ක මම අවුරුදු 10ක විතර කාලයක් ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මම නැවත ක්ෂේත්‍රයට ආවම පෙරසේම ප්‍රේක්‍ෂකයෝ මාව ආදරෙන් භාර ගත්තා. ප්‍රේක්‍ෂකයෝ මට කරන එකම චෝදනාව තමයි ස්වතන්ත්‍ර නිර්මාණ කරනවා අඩුයි කියන එක. ඉතින් ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී ස්වතන්ත්‍ර ගීත කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


අද වෙනකොට යූ ටියුබ් නාළිකාවක් කරන කලාකරුවන්ට අනිවාර්ය අංගයක් වෙලා නේද? 

අද කාලේ තියෙන තරගකාරී ජීවන රාවත් එක්ක සහ කොවිච් වගේ වසංගත තත්ත්ව තියෙන  මේ වගේ සමයක මිනිස්සු අතරට යන්න හොඳම මාධ්‍ය තමයි ය ටිබ්. මිනිස්සු අතේ ජංගම දුරකථන තියෙනවා. ඒ ඔස්සේ ඉඩ ලැබෙන වෙලාවක හෝ ප්‍රේක්‍ෂකයන් අලුත් දේවල් ඇහිඳ ගන්නවා. ඒක ගොඩක් වැදගත්. මමත් යූ ටියුබ් නාළිකාවක් කරගෙන යනවා.


අලුත් බලාපොරොත්තු එහෙම ඇති? 

මගේ අලුත් ගීත ඇල්බමය එළිදක්වන්න කටයුතු කරනවා. ඒක ළඟදීම ප්‍රේක්‍ෂකයන්ට රසවිඳින ඉඩ සලස්වනවා. යූ ටියුබ් එක හරහා තමයි එය ප්‍රේක්‍ෂකයන් වෙත ලබාදෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම 'රේඛා' සංගීත ආශ්‍රමයේ වැඩකටයුතුත් හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.