මගේ පෞද්ගලික ජීවිතයයි, කලාවයි මම පටලවගන්න කැමැති නැහැ - දමිත්‍රි සුබසිංහ

Monday, April 12, 2021 , 0 Comments




මේ දවස්වල සමහර පාසල් වැඩකටයුතු පටන්ගෙන තිබෙන්නේ රාත්‍රී කාලයට. සල්ලිකාර පවුලක උපන් ඇය විහාරා. ඇය නර්තන ගුරුවරියක්. විහාරාට ජාත්‍යන්තර පාසලකට යෑමට වරම් ලැබුණත් ඇය යන්නේ ග්‍රාමිය දුෂ්කර පාසලකට. මොකද ඒ පාසලේ නැටුම් ගුරුවරියකගේ අඩුව පිරවීමට. ඉතින් මෙලෙසට රෑට ඉස්කෝලෙට ගොඩවදින විහාරා 2019 වසරේ ‘දෙරණ’ අවුරුදු කුමරියට අභිෂේක ලබමින් රංගන ශිල්පිනියක් බවට පත්වුණා. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘විහාරා’ ලෙසට රඟපාන ඇය දමිත්‍රි සුබසිංහ. ඉතිං ඇය ඇගේ අලුත්ම තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


 ඔබ කලාවට සම්බන්ධ වන්නේ අහම්බෙන්. අද ඔබ මේ ඉන්නා තත්ත්වය ගැන සතුටුද?

‘පාවෙලා වළාකුළේ ඒවිද අම්මා‘ ටෙලිනාට්‍ය තමයි මගේ පළමු රංගනය. මම ඒ ටෙලිනාට්‍යයේ චරිත දෙකක් රඟපෑවා. පටන්ගැන්මත් එක්ක මට එය අභියෝගයක් වුණා. චරිත දෙකකට රංගන ශිල්පිනියක් වීමත් එක්තරා වාසනාවක් කියලයි මම හිතන්නේ.


 ‘දෙරණ’ අවුරුදු කුමරිය නේද ඔබට මේ වාසනාව උදාකළේ?

2019 අවුරුදු කුමරිය තරගාවලියේ මම තමයි අභිෂේක ලැබුවේ. ඉන්පසුව තමයි මට නිර්මාණවලින් ආරාධනා ගලාගෙන ආවේ.


 ඔබේ ආදරණීය ප්‍රේමවන්තයා කැමැතිද රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවාට. ක්‍ෂේත්‍රයේ අහන්න ලැබෙන දේවල් එක්ක?

මගේ පෞද්ගලික ජීවිතයයි, කලාවයි මම පටලවගන්න කැමැති නැහැ. ඒ නිසා අපි එය ගැන කතා නොකර ඉමු. 


කොහොමද රාත්‍රියට යන පාසලේ වැඩකටයුතු?

හරිම වෙනස් අත්දැකීමක් මට එය. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ නැටුම් ගුරුවරියක චරිතයක්. ‘විහාරා’ ලෙසින්. මම එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.


ඔබේ ජීවිතයට වගේම හැකියාවට සමානකම් තිබෙන චරිතයක් ලැබීම එක ගැන මොකද හිතෙන්නේ?

‘විහාරා’ චරිතය මගේ ජීවිතයට සමානයි. ‘විහාරා’ වගේම මමත් සංවේදී සරල චරිතයක්. මම නර්තනයට ගොඩාක් දක්‍ෂයි. ඉතින් මගේ හැකියාවත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට පෙන්වන්න ලැබීම හොඳම අවස්ථාවක් තමයි මේක.


ඔබේ රංගන හැකියාවට මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍ය විකාශය වීමට පටන් අරන් වැඩි කාලයක් නැහැ. එක රැයකින් වයස් භේදයක් නැතුව ‘විහාරා’ ගැන හොයන්නට පටන්ගත්තා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා මේ වන විට.


වසන්ත විතාරණගේ