කොවිඩ් හැඳුණ කෝකිල සහ සංගීත් ආයෙත් ෂුටින් වල

Friday, March 12, 2021 , 0 Comments




පසුගිය දිනවල කෝවිඩ් 19 රෝගයට ගොදුරු වුණු ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි සංගීත් ප්‍රභූ සහ කෝකිල පවන් ජයසූරිය කියන්නේ. මොවුන් දෙදෙනා මෙවර රයිගම් ටෙලි සම්මාන උළලේ ජනප්‍රියතම රංගන ශිල්පී ලැයිස්තුවේද සිටිනවා. මොවුන් දෙදෙනාට සහ සජිත ඇන්තනීට කොව්ඩ් රෝගය වැළඳීම නිසා ඔවුන් ඒ වනවිට රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ නාට්‍යයේ රූ ගත කිරීම් තාවකාලික නවතනු ලැබුවා. 


කෙසේවෙතත් ඒ ශිල්පීන් සියළු දෙනා මේ වනවිට සුව වී තිබෙන බැවින් නාඩගම්කාරයෝ නාට්‍යයේ රූ ගත කිරීම් නැවත අරඹා තිබෙනවා. ඒ වගේම කෝකිල පවන් සහ සංගීත් ප්‍රභූත් රූ ගත කිරීම්වලට එකතු වෙලා තිබෙනවා.