මම බඳින කෙනා ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් නෙමෙයි - රංගි රාජපක්‍ෂ

Monday, March 29, 2021 , 0 Comments




මීට ටික දොහකට ඉහත රාවණ හරහා ඔබ හමුවට ආ ඇය මේ දිනවල මැටි කඩුළු හි රේඛානි ලෙසින්ද බස් එකේ ඉස්කෝලෙ වසුන්දරා ලෙසින්ද දාම් හි සමාධි ටීචර් ලෙසිනුත් ඔබ හමුවට එනවා’ ඇය රංගි රාජපක්‍ෂ’ . ඇය ඇගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා



නාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා


ඔව්. මේ දිනවල ජාතික රූපවාහිනියේ මැටි කඩුළු විකාශනය වෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනියේ බස් එකේ ඉස්කෝලේ විකාශනය වෙනවා. ඔය අතරේ සිරස නාලිකාවේ දාම් වලින්ද දැකගන්න පුළුවන්.


ටෙලි නාට්‍ය ඔක්කොම එකපාර විකාශනය වීම අපරාධයක් නේද?


එහෙම නැහැ. මේ නාට්‍ය තුනේ චරිත තුන එකකට එකක් සම්පූර්ණනේම වෙනස්. පේ‍්‍රක්‍ෂකයන්ට බලාගන්න පුළුවන් මගේ වපසරිය කොහොමද කියලා.


 මේ තුන්දෙනාගෙන් වැඩිපුර කැමැති කාටද?


මම ඇත්තටම රේඛානිට කැමැතියි. ඒ චරිතය හරියට වෙනස් වෙනවා. මම ආසයි ඒ වගේ අභියෝග භාරගෙන කරන්න.



ඔය චරිතු තුනෙන් රංගි ඉන්නේ කොයි චරිතයේද?


මෙතැන යන කිසිම චරිතයක රංගි නැහැ. හැබැයි ඔය හැම චරිතයක් ඇතුළේම ටික ටික රංගි ඉන්න පුළුවන්.


 වැඩිපුර ප‍්‍රතිචාර හම්බවෙන්නේ කාටද?


මම දකින විදිහට රේඛානිටත් වසුන්දරාටත් එක හා සමානව ප‍්‍රතිචාර ලැබෙනවා.


 මත්ද්‍රව්‍ය ප‍්‍රමෝට් කරනවා කියලා දාම් චරිතයට බනින්නේ නැතිද?


අනේ නැහැ. මිනිස්සු ඒ චරිතයටත් ගොඩක් කැමැතියි. මේ කාලයේ සිද්ධවෙන දේවල්නේ කතාබහ වෙන්නේ.


සෙට් තුනක වැඩ. කොවිඞ් වලින් බේරෙන්නත් වෙයි නේද?


ඇත්තටම ගොඩක් පරිස්සම් වෙනවා. අපි දන්නේ නැහැනේ කොහෙන්් කොයි විදිහට එන්න පුළුවන්ද කියලා. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමයි මට වගේම අනෙක් අයටත් හොඳ.


රාවණ 2 ෂූටින් පටන්ගන්නවා කියන්නේ?


මේ සතියේ ෂූටින් පටන්ගන්නවා. ඒකත් ළඟදීම හැමෝටම බලාගන්න පුළුවන්.


රඟපෑමට ඒම ගැන මොකද හිතන්නේ?


මම කලාවට හරි ආසයි. ඒ වගේම ආදරෙයි.


ජනප්‍රියත්වය හිසරදයක් වුණ අවස්ථා නැතිද?


ජනප්‍රියත්වය  හිසරදයක් වෙන්නේ නැහැ. මම ජනපි‍්‍රයත්වයට හරි කැමැතියි. කවුරු හරි මා ගාවට ඇවිත් කතාබහ කරන එකට මම කැමැතියි.


 ඇත්තද නළුවන්ගෙන් හරියට ආදර යෝජනා එනවා කියන්නේ?


නැහැ. නැහැ. එහෙම නැහැ. ආදරය කියන දේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්. මට දැනට එහෙම ප‍්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.


එහෙනම් පෙම්වතියගේ කතාව ඇත්තක්?


ඔව්, මම පෙම්වතියක්


විවාහයට සූදානම් වෙනවා කියන්නේ?


ඇත්තටම මම මේ අවුරුද්දේ විවාහ වෙන්න හිටියේ. මේ අවුරුද්දේ අන්තිම නැත්නම් ලබන අවුරුද්දේ මුල විවාහ වෙයි. සමහර විට විවාහ නොවී ඉන්නත් පුළුවන්.


බඳින කෙනා ක්‍ෂේත‍්‍රයේද?


නැහැ. නැහැ. එයා ක්‍ෂේත‍්‍රයේ නෙමෙයි.


 රඟපෑමට පෙම්වතාගෙන් විරුද්ධත්වයක් නැතිද?


ඇත්තටම විරුද්ධත්වයක් නැහැ. ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා මාව තේරුම් අරගෙන ඉන්නේ ඒක තමයි වැදගත්.


 කසාදයෙන් පස්සේ රංගනයෙන් ඉවත් වෙයිද?


ඉවත්වෙන එකක් නැහැ. නමුත් ගොඩක් නිර්මාණවලට දායක වෙන්න බැරිවෙයි. පවුල තමයි එක.


 බැන්දට පස්සේ රඟපෑමට සීමා මායිම් තියෙනවාද?


ඔව්. මගේ සීමා මායිම් තියෙනවා.


රංගි රඟපෑමට ආවේ නැතිනම් මොනවා කරාවිද?


රඟපෑමට ආවේ නැතිනම් මම බිස්නස් එකක් කරාවි. තාත්තත් බිස්නස් කරන්නේ.


මමත් බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. මේ වැඩ එක්ක ඒක ටිකක් ආපස්සට ගියා.


 මොනවගේ ව්‍යාපාරයක්ද?


තාත්තාට ලර්නර්ස් එකක් තියෙනවා. මගේ නමින් තියෙන්නේ. මමත් ශාඛාවක් දැම්මා.


රඟපෑම හින්දා ලර්නර්ස් වැඩේ නැවතුණා. එහෙමද?


එහෙමත් නැහැ. ඇත්තටම ඉස්කෝලේ අධ්‍යාපනයෙන් පස්සේ තාත්තත් එක්ක ලර්නර්ස් එක කරන්න,මම ලයිෂන් අරගෙන ඉන්ස්ට‍්‍රක්ටර් ලයිෂන් අරගෙන මම වෙනම ලර්නර්ස් එකක් දැම්මා. හැම වෙලාවෙම ඒක බලන්න බැරි හින්දා තාත්තයි මල්ලියි ඒක බලනවා.


කරාටි වලටත් දක්‍ෂයි කියන්නේ?


අනේ කරාටි නම් දන්නේ නැහැ. අපිට රාවණ ටෙලි නාට්‍යයෙ ෆයිටින් තිබුණා. ඒවට ට්‍රේනින්  කළා මාස ගණනාවක්. එහෙමයි ෂූටින් පටන් ගත්තේ.



දිනේෂ් විතාන