ජනප්‍රිය හොලිවුඩ් නළු නිකොලස් පස්වැනි වරටත් 26 හැවිරිදි ජපන් තරුණියක් සමඟින් විවාහ වෙයි


 



අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට බොහොමයක රංගනයෙන් දායක වූ Nicolas Cage පසුගිය පෙබරවාරි 27 වැනිදා පස්වැනි වරටත් විවාහ වී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු විවාහ වී ඇත්තේ ජපන් ජතික කාන්තාවක් වන 26 හැවිරිදි රිකෝ ෂිබාටා සමගයි.


56 වැනි වියෙහි පසුවන Nicolas Cage පෙර විවාහ වී සිටියේ එරිකා කොයින් සමගයි. ඒ 2019 වසරේ මාර්තු මාසයේදී. වසර දෙකකට ආසන්න කාලයක් පැවති එම විවාහ මේ වසරේ මුලදී බිද වැටි තිබෙනවා. විශේෂත්වය වන්නේ නිකොලස් මේ විවාහයන් පහම සිදු කරගෙන ඇත්තේ 2001 වසරේන් පසුව වීමයි.




Previous Post Next Post