තාම හිත ගිය කෙනෙක් නම් මුණ ගැහිලා නම් නැහැ- සිතිජ ජයසේකර

Wednesday, February 24, 2021 , 0 Comments



 නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් අලුත් මුහුණු අතර දක්ෂතා දක්වන හැඩකාරයෙක්  තමයි  සිතිජ ජයසේකර කියන්නේ..  මේ දිනවල ටෙලි නාට්‍ය ගණනාවකින්ම ප්‍රේක්‍ෂකාගාරයට එන ඔහු ඔහුගේ කලා ජිවිතේ අලුත් තොරතුරු ගැන පුවත්පතකය මෙලෙස කියා තිබුනා. 


 සිතිජව මේ දිනවල ටෙලි නාට්‍ය ගණනාවකින්ම දකින්න ලැබෙනවා. සිතිජව වෙනස් කරපු ගමනේ යා' නාට්‍ය ගැන මුලින්ම කතා කරොත්?

ස්නක එදිරිසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් ලාල් වසන්ත මහතාගේ පිටපත් රචනයෙන් නිර්මාණය වෙන 'ගමනේ යා' ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙන්නේ අහම්බයකින්. මේකේ මුලින්ම රූගතකිරීම් පටන්ගන්නේ මිට අවුරුදු දෙකකට පමණ කලින්. අධ්‍යක්ෂවරයා තිවංක චරිතය සඳහා පිරිමි ළමයෙක් සොයලා තියෙනවා කාලයක් තිස්සේ ඉදලා. 


ඒ සඳහා ගොඩක් අයව තිර පරික්ෂණයට කැඳවලා තිබුණත් අධ්‍යක්ෂවරයාගේ හිතට හරි යන කෙනෙක් මුණ ගැහිලා නැහැ. ඔය අතරේ උදිත් අබේරත්න අයියා හරහා දිලිනි ලක්මාලි අක්කාව මුණ ගැහෙනවා. දිලිනි අක්කා තමයි අධ්‍යක්ෂවරයාට මාව මුණ ගස්සන්නේ. ඇත්තටම මම මිට පෙර මෙවැනි චරිතයක් කරලා නැහැ. චරිතය ගැන කිව්වාමත් ඒක මම කරලා තියෙන චරිතවලට වඩා අභියෝගාත්මකයි කියලා දැනුනා. ඒත් ඒකේ තියෙන කටුක බව දැනුනේ චරිතය කරන්න ගත්තට පස්සේ.



තිවංක කියන්නේ සිතිජට අනුව කොයි වගේ චරිතයක් ද?

තිවංක කියන්නේ සෙල්ලක්කාර චරිතයක් වුණාට එක තැනක දි තිවංකට රැකියාවක් කිරීමේ දැඩි උවමනාවක් ඇතිවෙනවා. තිවංක කියන චරිතය ඇතුලේ මගේ ජීවිතෙන් ගෙවුන කාලවකවානුවක් තිබුණා. ඒ නිසාම තිවංකව තේරුම් අරගන්න මට පහසු වුණා. ඇත්තටම මටත් තිවංකට වගේ හමුදාවට බැඳෙන්න හිතුන කාලයක් තිබුණා. ඒත් දෙවය මාව නළුවෙක් කළා.


කොහොමද හමුදා පුහුණුවේ අත්දැකීම්? 

ඒක රූගත කිරීමකට එහා ගිය ඇත්තම පුහුණුවක් විදිහට මගේ ජීවිතේට ලබාගන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. තිවංක කියන චරිතය යථාර්ථවත්ව කරවන්න අධ්‍යක්ෂවරයා විශාල කැපකිරීමක් කරා. ඒ හමුදා නිලධාරීන්ට ලැබෙන පුහුණුව කටුක බව ප්‍රේක්ෂකයාට දනවන්න අධ්‍යක්ෂවරයා විශාල උත්සාහයක් අරගත්තා. විශේෂයෙන්ම රංගන ශිල්පීන්ව හමුදා සොල්දාදුවන් කරවන්න ඔහු ගන්න උත්සාහය සාර්ථකයි කියලා ලැබෙන ප්‍රේක්සක ප්‍රතිචාරවලින් මට දැනෙනවා. හමුදා පුහුණුවේ ලැබුණ අත්දැකීම් ඉතාම විශිෂ්ටයි. මොකද ඇත්තම හමුදා නිලධාරියෙකුට කරන්න ලැබෙන පුහුණුව ඒ අයුරින්ම අපිට ලැබුණා. මම ඒ දේවල් කළේ හැබැයි හරිම ආසාවෙන්. රූගත කිරීම් සිද්ධ වුණේ පොලොන්නරුව ප්‍රදේශයේ. ගිනි අටේ සමහර දර්ශන කරලා ඉවර වෙනකොට කතා කරගන්නවත් පණ නැහැ. අපේ ටෙලි නාට්‍යයේ සියලුම රංගන ශිල්පීන් ශිල්පිණියන් ‘ගමනේ යා' සාර්ථක කරගන්න කරපු කැපකිරීම විශිෂ්ටයි.



තිවංක කියන චරිතය වෙනුවෙන් ඔබට විශේෂ කැපකිරීමක් කරන්න වුණා ද?


ඇත්තටම ඔව්. මේ චරිතය වෙනුවෙන් පුහුණු හමුදා සොල්දාදුවෙක් විදිහට මගේ රූපය හදාගන්න සිදුවුණා. කොණ්ඩය රැවුල කොටටම කපන්න වුණා. කොඩෙයි රැවුලයි නැති නිසා සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් වුණා. ඒ ගැන දුකක් නැහැ. දැනට විකාශනය වෙන ටෙලි නාට්‍යවලට විග් එකක් පාවිච්චි කරලා රූගත කිරීම් කරනවා. ඇත්තටම තිවංක කියන්නේ මට ජීවිතේ ලැබුණු සුවිශේෂි චරිතයක්. 


 හමුදා පුහුණුවේ අත්දැකීම් ගැනත් කියමු ? 

පොතක් ලියන තරමට ජීවිතේට අත්දැකීම් ලැබුණා. පොදුවේ ඒ දේවල් මට විතරක් ලැබුණු අත්දැකිම් වෙයි. සමස්ත නාට්‍ය කණ්ඩායමටම ඒ දේවල් විශාල අත්දැකීමක් වුණා. හමුදා පුහුණුවේ රංගන ශිල්පියෝ ඉන්නේ පදෙනයි. අනිත් සියලුම දෙනා ඇත්තම හමුදා නිලධාරින් එක දවසක් මට මතකයි මුළු දවසම අව්වේ හමුදා පුහුණුවේ රූගත කිරීම් කරලා අන්තිම දර්ශනේ තියෙන්නේ හමුදා පුහුණුව අමාරු නිසා කරගන්න බැරුව හමුදාවෙන් පැනලා යන දර්ශනයක්. මට අධ්‍යක්ෂවරයා කිවා මිටර් 50 බඩගාගෙනම යන්න කියලා. පළමු මිටර් 25 බඩගාගෙන ගියේ බොරළු ගොඩක, ඊට පස්සේ තිබුණේ තණකොළ බිස්සක්. බොරළුගොඩේ බඩගාලා, දැන් අත්දෙකයි බඩයි ලෙලි ගිහිල්ලා. තණකොළ බිස්ස සනීපය කියලා ඉතුරු මිටර් 25 බඩගාගෙන ගියා. 

 බලනකොට ඒක තණකොළ බිස්සක් නොවෙයි නිදිකුම්බා ගාලක්. 


අමාරුවෙන් මිටර් 50 බඩ ගාගෙන ගියාට පස්සේ ලයිටිවල අවුලක් ආවා කියලා ආයෙම මිටර් 50ක් බඩගාන්න වුණා. මම කවදාවත් ලොකු තුවක්කු අල්ලලා තිබුණේ නැහැ. ඒක ලොකු අත්දැකීමක් වුණා මට. හමුදා පුහුණුව හරිම අමාරුයි. හැබැයි කට හරිම රසවත්. සමහර දර්ශන කරලා ගෙදර ගියාම මට උණ ගැනිච්ච දවස් තිබුණා. හමුදා පුහුණුව ලැබූ මුල්ම දවසෙත් උණ ගත්තා.


ගමනේ යා ටෙලි නාට්‍යයට අමතරව මොනවද අලුත් වැඩ? ජාතික නාලිකාවේ විකාශය වන ‘රගල වලව්ව’ සහ අහස් මාලිගා ටෙලි නාට්‍ය දෙකේ රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව රූගත කිරීම් කර අවසන් කරපු ටෙලි නාට්‍ය පහළොවක් විතර තියෙනවා. ඉදිරියේ දී විකාශය වෙන්න.


දැන් සිතිජ නිවේදන කටයුතු අත හැරලා ද?

අතෑරලම නැහැ. හැබැයි රංගන කටයුතු එක්ක කාර්ය බහුල වෙනකොට නිර්වේදන කටයුතු ගොඩාක් මහ ඇරෙනවා. මම වැඩිපුරම කැමති වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වෙන්න. 


සිතිජ දැන් ප්‍රේමවන්තයෙක් කියලාත් ආරංචියි ? 

ජීවිතේට ප්‍රේමය ඕන. මම ආදර්ට ආදරය කරන හැබැයි ආදරේට ටිකක් ලෝබ කෙනෙක්. ඒත් තාම හිත ගිය කෙනෙක් නම් මුණ ගැහිලා නම් නැහැ. 


නදීශා අතුකෝරළ