පලස්තීන රජය ස්පුට්නික් වී එන්නත සඳහා අනුමැතිය ලබා දෙයි
කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් වී එන්නත සඳහා පලස්තීන රජය අනුමැතිය ලබාදී තිබේ.
එබැවින් එය ඉදිරියේදී පලස්තීන ජනතාව වෙත ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇත.
මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ හදිසි අවස්ථාවක් ලෙස සලකා බව එරට රජය සඳහන් කරයි.
පලස්තීනය වෙත ලබාදෙන මෙම එන්නත් ප්‍රමාණය පිළිබඳව තවමත් රුසියාව කිසිඳු සඳහනක් කර නොමැති නමුත් රුසියාව පළමු එන්නත් තොගය ලබන මාසයේ දී පලස්තීනයට ලබාදෙන බව පවසා ඇතැයි පලස්තීන බලධාරීන් පවසයි.
වෛරසය හේතුවෙන් මේ වනවිට එක් ලක්ෂ පනස් දහසකට අධික ආසාධිතයන් සංඛ්‍යාවක් මෙන්ම මරණ එක්දහස් හත්සිය විසි හයක් ද පලස්තීනයෙන් වාර්තා වී තිබේ.