ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමට විෂ සහිත නිෂ්පාදන තුනකට තහනම් නියෝග නිකුත් කරයි

 


ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමට විෂ සහිත නිෂ්පාදන තුනකට තහනම් නියෝග නිකුත් කර තිබේ.

එහිදී ඔවුන් ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් බවද නියෝග කර ඇත.

කෙසේවෙතත් මෙම තහනම පැනවූ වෙළඳ නාම සහ නිෂ්පාදන තුන වන්නේ ඕස්ට්‍රේලියාවේ ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවේ ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත්- ඊවන්ටෝන් සී නම් වෙළඳ නාමයන්ය.

මෙම වෙළඳ නාම තුනම 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මගින් ආනයනය කරනු ලැබේ. නමුත් ඉදිරියේදී මෙම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග නිකුත් කර තිබේ.


Previous Post Next Post