‘පිරිමි ළමයි’ එක්ක එන අකු­රණ හාමිනේ

gossiplanka image 2
 මේ දින­වල රූප­වා­හිනී ප්‍රේක්ෂ­කයා හමු­වට එන සැර­ප­රුෂ, වහා කිපෙ­න­සුලු ‘අකු­රණ හාමිනේ’ ඉතා ජන­ප්‍රිය චරි­ත­යකි. ‘ඉන්ග­ම්මා­රුව’ ටෙලි­නා­ට්‍යය ඔස්සේ රංග­න­යට පැමිණි ඇය නයනා හෙට්ටි­ආ­රච්චි ය. ‘අකු­රණ හාමිනේ’ ගැනත් සිය නිර්මාණ දිවිය ගැනත් කතා කිරී­මට ඇය මෙසේ රස­ඳුන හා එක්වූ­වාය. ‘පිරිමි ළමයි’හි අකු­රණ හාමිනේ ගැන නයනා හඳුන්වා දුන්නේ මෙලෙ­සිනි.


” ‘ ඉන්ග­ම්මා­රුව’ ටෙලි­යෙන් රංග­න­යට ආව මම, එදා සිට විවිධ චරිත රඟ­පෑවා. ඒ අත­රින් මේ දින­වල ස්වර්ණ­වා­හි­නියේ විකා­ශය වන ‘පිරිමි ළමයි’ හි ‘අකු­රණ හාමිනේ’ විශේ­ෂයි. සැර­ප­රුෂ, නිත­රම කිපෙ­න­සුලු අකු­රණ හාමිනේ ප්‍රේක්ෂ­කයා ආද­ර­යෙන් වැල­ඳ­ගැ­නීම ගැන සතු­ටුයි. ඇය විවා­හ­යත් සම­ඟම තමන්ගේ හිස මත කඩා­වැ­ටුණු වලව් පෙළැ­න්තියේ ගෞර­වය ආරක්ෂා කිරී­මට ප්‍රයත්න දරන, තම දරු­වන් සමා­ජය හා ගැටී­මේදී ඇති­ක­ර­ගන්නා ගැටලු නිසා පීඩා­වට පත්වී තම සැමියා හා ගම්වැ­සි­යන් සම­ඟත් ගැටුම් ඇති­ක­ර­ගන්නා කාන්තා­වක්. එහෙත් අකු­රණ හාමිනේ තුළ සැහැල්ලු, නිද­හස් ජීවි­ත­යක් ගත­ක­රන්න කැමැති බොහොම සංවේදී ගැහැ­නි­ය­කුත් ජීව­ත්වෙ­නවා ”


එම චරි­ත­යට බොහෝ ප්‍රේක්ෂක ප්‍රති­චාර ලැබෙන බවද ඇය පැව­සු­වාය.

” ඉතා හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා. බොහෝ අය මට අකු­රණ හාමිනේ කිය­ලත් කතා කර­නවා ”

‘පිරිමි ළමයි’ රංග­න­යේදී අධ්‍යක්ෂ හා අනෙක් ශිල්පීන් පිරිස ගැන මතක් කිරී­ම­ටද ඇය අම­තක නොක­ළාය.

“අධ්‍යක්ෂ ශිව­ගු­රු­නා­දන් මහතා බොහොම සුහ­ද­ශී­ලීව උප­දෙස් දෙමින් නළු­නි­ළි­යන් මෙහෙ­ය­ව­නවා. ඔහුගේ මඟ­පෙ­න්වී­මෙන් තම­ත­මන්ගේ වග­කීම හොඳින්, නිවැ­ර­දිව තේරුම් ගත් බොහොම සහ­යෝ­ග­යෙන් වැඩ කළ හැකි සහෝ­දර ශිල්පීන් කණ්ඩා­ය­මක් සම­ඟයි මම වැඩ කරන්නේ. ඔවුන් එක්ක වැඩ කිරීම ලෙහෙ­සියි” අධ්‍යක්ෂ ඇතුළු සහාය දැක්වූ හැමෝටම ස්තූති කරනවා.


නවක නළු­නිළි පිරි­සක් සමඟ රංග­නයේ නිර­ත­වී­මට අව­ස්ථාව ලැබීම ගැන ඇයගේ සිතේ ඇත්තේ සුබ­වාදී ආක­ල්ප­යකි.


” රංගන ක්ෂේත්‍රයේ නව­ක­යන් අතර බොහෝ දක්ෂයෝ ඉන්නවා. නව­ක­යන්ද, ප්‍රවී­ණ­යන්ද යන්නට වඩා අපි හැම­දෙ­නාම එකම පවු­ලක් ලෙස සිතු­වොත් හැම­දෙනා සම­ඟම වැඩ­කි­රීම පහ­සුයි. ‘පිරිමි ළමයි’ තුළින් මට හොඳ දූ දරු­වන් පිරි­සක් හමු­වුණා.. ඔවුන් බොහොම වග­කී­මෙන්, නිවැ­ර­දිව සිය කාර්යය කරන, තමන්ගේ වෘත්ති­යට ආද­රය කරන අය. අඩු­පාඩු වෙතොත් ඒවා මනා අධ්‍ය­ය­න­ය­කින් සම්පූර්ණ කර­ගෙන නවක, ප්‍රවීණ දෙපි­රි­සම ඉදි­රි­යට යායු­තුයි. ”


සින­මාවේ නයනා හෙට්ටි­ආ­රච්චි භූමි­කාව ආරම්භ වන්නේ ප්‍රසන්න විතා­නගේ අධ්‍ය­ක්ෂ­ණය කළ ‘පුර­හඳ කළු­වර’ චිත්‍ර­ප­ටයේ රංග­න­යත් සම­ඟය. ඉන්පසු ඉනෝකා සත්‍යාං­ග­නීගේ ‘සුළං කිරිල්ලි ‘ , රොහාන් පෙරේ­රාගේ ‘ගෝල්’ , ප්‍රියන්ත කොළ­ඹ­ගේගේ ‘ මන්දාරා’ , ලලිත් රෝහි­තගේ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ චිත්‍ර­ප­ට­ව­ලත්, ‘Mother Theresa, Return to Banglow’ වැනි ජාත්‍ය­න්තර චිත්‍ර­පට කිහි­ප­ය­ක­ටත් සිය රංගන ප්‍රති­භාව මුසු කිරී­මට නයනා හෙට්ටි­ආ­රච්චි සමත් වූවාය.


ඇයගේ සැමියා, ප්‍රස­න්න­ජිත් අබේ­සූ­රිය ද විශිෂ්ට ගණයේ නාට්‍ය­ක­රු­වෙකි; රංගන ශිල්පි­යෙකි. ඔහු සමඟ නිර්මා­ණ­ක­ර­ණ­යට නයනා ද දායක වූවාය.


“ප්‍රස­න්න­ජිත් ‘දුග්ග­න්නා­රාල, දෝර්දණ්ඩා, කුවේණි, සකු­න්තලා’ ආදී වේදිකා නාට්‍ය කිහි­ප­යක්ම අධ්‍ය­ක්ෂ­ණය කළා. ඒ සෑම නාට්‍ය­ය­ක­ටම මගෙන් වගේම දරු­වන්ගේ සහා­යත් ඔහුට ලැබුණා. ඉදි­රි­යේ­දීත් තව වේදිකා නාට්‍ය නිර්මා­ණය කරන්න බලා­පො­රොත්තු වෙනවා. ”


සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යෙන් පව­ත්වා­ගෙන ගිය රාජ්‍ය නාට්‍ය පාසලේ දෙව­ස­රක අධ්‍ය­ය­න­යේදී වේදිකා නාට්‍ය අධ්‍ය­ක්ෂ­ව­රු­න්ගෙන් බොහෝ­ම­යක් ගුරු­හ­රු­කම් ලබා­ගැ­නී­මට ඇය වාස­නා­වන්ත වූවාය. එහිදී විශිෂ්ට නාට්‍ය­වේ­දිනී සෝම­ලතා සුබ­සිං­හ­යන්ගේ ළමා හා යොවුන් රංග­පී­ඨ­යට ඇතු­ළ­ත්වී­මෙන් නය­නාගේ රංගන දිවි­යට වඩාත් හොඳ මඟ­පෙ­න්වී­මක් ලැබී තිබිණි. සෝම­ලතා සුබ­සිංහ අධ්‍ය­ක්ෂ­ණය කළ ‘විකෘති, කතා­න්දර දෙකක්, එක්කෝ­මත් එක­ර­ටක, The Trial Of Dedan Kimathi , පාර හරහා ‘ වේදිකා නාට්‍ය­වල රංග­න­යට මෙන්ම ධම්ම ජාගො­ඩ­යන්ගේ ‘සකල ජන’ , මහා­චාර්ය එදි­රි­වීර සර­ච්ච­න්ද්‍ර­යන්ගේ ‘ එලොව ගිහින් මෙලොව ආවා’ , වෙල්ල­වැ­හුම්, පබා­වතී, මඟුල් ප්‍රස්තාව ආදි­යේත් රංග­න­යට ඇයට අව­ස්ථාව උදා­විය..


ඉදිරි නිර්මාණ කාර්ය­යන් ගැන සිහි කිරී­ම­ටද ඇය අම­තක නොක­ළාය.


“රූගත කිරී­මට නිය­මිත සුපුන් රත්නා­ය­කගේ ‘ විල­ම්බීත ‘ ප්‍රියන්ත කොළ­ඹ­ගේගේ ‘බැද්දේ­ගම’ චන්දන ඉරු­ගල් බණ්ඩා­රගේ ‘පිරි­නි­වන් කන්ද පාමුල’ ආදී ටෙලි­නා­ට්‍ය­ව­ල­ටත් , රොහාන් පෙරේ­රාගේ ‘සීගිරි” ඇතුළු චිත්‍ර­පට කිහි­ප­ය­ක­ටත් ඇර­යුම් ලැබුණා”


ඇයට සිටි­නුයේ පුතුන් දෙදෙ­නකි. ඔවුන් ගැන ද අව­සන් වශ­යෙන් නයනා සිහි­පත් කළාය. ” මගේ ලොකු පුතා උවිඳු, කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක්. පොඩි පුතා රංග­ජිත් සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ නාට්‍ය හා රංග­කලා උපා­ධි­යෙන් අන­තු­රුව අධ්‍ය­යන කට­යු­තු­වල නිර­තව සිටි­නවා. ඔහු ටෙලි­නාට්‍ය , වේදිකා නිර්මා­ණ­ව­ලට රංග­න­යෙන් එක්වෙ­නවා. අපේ මුළු පවු­ලම කලා පවු­ලක්. “

gossiplanka image 1
Previous Post Next Post