ශ්‍රී ලංකා සංචාරයට එක්වූ මොයින් අලී කෝවිඩ් පරීක්ෂාවට ධනාත්මක වෙයි

Tuesday, January 05, 2021 0 Comments

 


ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

එම ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ එංගලන්ත කණ්ඩායම හම්බන්තොටට පැමිණීමෙන් අනතුරුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොයින් අලීට මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. ඔවුන් මේ පිළිබඳව පවසා ඇත්තේ නිල නිවේදනයක්ද නිකුත් කරමිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍යමය මාර්ගෝපදේශ අනුව දින 10ක කාලයක් මොයින් අලී හුදෙකලා විය යුතුයි. මේ සිදුවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම නැවත වතාවක් හෙට දිනයේදී පී.සී.ආර්. පරික්ෂණයට ලක්වීමට ද නියමිත බවත් තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ කරන බවත් අනතුරුව කණ්ඩායම බදාදා දිනයේදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බවත් ක්‍රිකට් මණ්ඩලය වැඩිදුරටත් පවසා තිබේ.