කෝවිඩ් එන්නත ලොව සෑම රටකටම අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි
ලොව සෑම රටකටම කෝවිඩ් එන්නත ලබාදීමට අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ.
මෙම අවශ්‍යතාවය පිළිබඳව කරුණු අණාවරණය කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් විසිනි.
මේ වන විට ලොව රටවල් 42 ක් කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත් නිපදවා ඇති බවත් ඒ අතරින් එන්නත් 36 ක් ඉහළ ආදායම් ලබන රටවල නිෂ්පාදනය වූ එන්නත් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
නමුත් ධනවත් රටවල්වලට සාපේක්ෂව දිළිදු රටවල් මෙම එන්නත් ලබාගැනීමේදී එහි මිල පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට සිදුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.