කසාද නොබැන්ඳේ මම හෘද රෝගියෙක් නිසා

Tuesday, January 12, 2021 , 0 Comments

 




කැළුම් විජේසූරිය යනු ජනප්‍රිය රංගන ශිල්පීයෙක් මෙන්ම සන්නිවේදකයෙක්. පසුගිය දිනක ඔහු තනිකව සිටින්නට හේතුව ගැන පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


ඔබ මංගල උත්සව කොච්චර ප්‍රමාණයක දෙවැනි මනමාලයා වෙලා තියෙනවද?

දෙවැනි මනමාලයා හැටියට මම හරියටම මංගල උත්සව 10කට සහභාගිවෙලා තියෙනවා. ඒ වගේම සාක්ෂියට අත්සන් කරලා තියෙනවා මංගල උත්සව 16කට. මම අත්සන් කරපු එකම විවාහ ජෝඩුවක්වත් මේ දක්වා වෙන්වෙලා නැහැ කියලා හරිම සතුටින් කියන්න ඕනෙ. ඒගොල්ලො හොඳ සාර්ථක විවාහ ජීවිත ගත කරනවා.

 

ඔබට පළවෙනි මනමාලයා වෙන්න හිතිලම නැද්ද?

හිතිලම නැත්තෙ නැහැ. ඕනෙම තරුණයෙකුට තරුණ කාලෙ හීන තියෙනවනෙ කවදා හරි කසාද බැඳලා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. හැබැයි මොන යම් හෝ හේතු බොහොමයක් හින්දා ඒක මගේ ජීවිතෙන් ගැලවිලා ගිහින් තියෙනවා. එවැනි ආසාවක් ඉදිරියේදි ඇතිවෙයි කියලා මම හිතන්නෙ නැහැ. මම චිත්‍රපටවලට, ටෙලිනාට්‍යවලට, රූප රචනාවලට කීප සැරයක්ම මනමාලයෙක් හැටියට පෙනී ඉඳලා තියෙනවා. ඇත්ත ජීවිතේදි තමයි ඒක වුණේ නැත්තෙ. ඒ ගැන මට කිසිම දුකක්වත් කනගාටුවක්වත් නැහැ.

 

ඔබට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවනෙ. ඒ අයගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක අමාරු වුණු නිසාද අවිවාහකව ඉන්න හිතුවෙ?

එහෙම දෙයක් නම් නෙවෙයි. මට ආදරය කරන අසීමිත පිරිසක් ඉන්නවා. මට අදටත් ඇත්තටම පුදුමයි ඇයි මිනිස්සු මට මෙච්චර ආදරේ කියලා. මම ඉන්දියාවෙ බොලිවුඩ් නළුවෙක්වත් කෝටිපතියෙක්වත් නෙවෙයි. මම ලංකාවෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. ඒ ආදරෙත් එක්කම මට ආදරේ පුදුම විදිහට ලැබිලා තියෙනවා. හැබැයි විවාහ නොවී ඉන්න හේතුවක් හෙව්වොත්, මගේ ජීවිතේ ගැටලු කීපයක් මතු වුණා මම ඉතාම තරුණ වයසෙදි.  මම හෘද රෝගියෙක්. ඒකත් එක්ක ඇතිවෙච්ච සිතුවිලිත් එක්ක තමයි මම මේ දේට යොමුවිය යුතු නැහැ කියලා තීරණය කළේ. ඊටපස්සෙ මම මගේ ඇඟ ගැන, ශරීර සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගත්තා. ව්‍යායාම කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මට රස්සාවෙ ඉහළටම යන්න හම්බවුණා. රස්සාව නිසා අවුරුද්දෙ වැඩි හරියක් පිටරට ඉන්න සිද්ධ වුණා. ඒ වගේ ගොඩාක් හේතු තිබුණා.



ඔබටඅපිට පුළුවන්ද මේ ලෝකෙ තනිකඩව, හුදෙකලා වෙලා ජීවත් වෙන්න?

මේ ලෝකෙ කිසිම මනුස්සයෙකුට හුදෙකලා වෙලා ජීවත් වෙන්න බැහැ. එහෙම වුණොත් ඒ මනුස්සයා මානසිකව වැටෙනවා. හුදෙකලාවෙ ජීවත් වෙන්න බැරි වුණාට, මට හැම පැත්තකින්ම ගොඩාක් ආදරය ලැබෙනවා. මට පණ වගේ ආදරේ කරන යාළුවො ගොඩාක් ඉන්නවා. ඒ ආදරයත් එක්ක ගෙවෙන ජීවිතේදි මට ඇත්තටම කිසිම පාළුවක්, තනිකමක් දැනෙන්නෙ නැහැ.

 

පිරිමියෙකුට විවාහයක් අනිවාර්යයි කියලද ඔබ හිතන්නෙ?

පිරිමියෙකුට විවාහයක් අනිවාර්ය නැහැ කියන මතයෙ තමයි මම ඉන්නෙ. සමාජය දිහා බැලුවම, විවාහ වෙන්න ඕනෙ කියලා විවාහ වෙන අයත් ඉන්නවා. ආදරේ කරලා ඒ ආදරය උපරිම විදිහට භුක්ති විඳිමින් විවාහ වෙන අයත් ඉන්නවා. නමුත් විවාහ වෙන කාන්තාවට ඒ ආදරය, ගෞරවය, රුකවරණ හා විශ්වාසය නිසා ආකාරයෙන් ලබා දෙන්න බැරිනම් කිසිම පිරිමියෙක් විවාහ නොවිය යුතුයි කියන මතයෙ තමයි මම ඉන්නෙ.


 

කවදා හරි වයසට ගිය කාලෙක, අවිවාහක ජීවිත ගත කරන අයට අනාගතය ගැන බයක් ඇතිවෙන්නෙ නැද්ද?

මම ඒක අනිත් පැත්තට කියන්නම්. සමහරු විවාහ වෙලා දරු මල්ලො තුන් හතර දෙනෙක් හදාගෙන ඉන්නවා. අද කාලෙ තියෙන මෝස්තරේට අනුව ළමයි ගොඩාක් වෙලාවට ලංකාවෙ ඉගෙන ගන්නෙ නැහැ. උසස් අධ්‍යාපනයට පිටරට යන ළමයි කීයෙන් කී දෙනෙක්ද ආපහු ලංකාවට එන්නෙ? දෙමව්පියො දරුවො වෙනුවෙන් කැපවෙලා ගොඩාක් යුතුකම් ඉටු කරනවා. ඒ අයට විශ්වාසයක් තියෙනවද කවදා හරි ඒ අයගෙ ළමයි තමන් වයසට ගියාම බලාගනී කියලා. අනික, කවුද දන්නෙ අපි කසාද බැන්දොත්, අපි ජීවත් වෙනකම්ම තමුන්ගේ සහකාරිය හෝ සහකාරයා තමන් වයසට යනකම්ම තමන් ළඟ ඉඳී කියලා. එහෙම විශ්වාසයක්, සහතිකයක් මොන මනුස්සයටද දෙන්න පුළුවන්. හැබැයි තනිකඩව ඉන්න කෙනෙක් හැටියට මම ඒ තැන දැකලා ඉවරයි. මට කවුරුත් නැතිවේවි. නැති වුණත් මට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැති තැනට මම හිත හදාගෙන ඉවරයි. ඒ මානසික තත්ත්වෙන් ඉන්නකොට අනාගතයේදී වයසට ගියාම, මට ඇවිදගන්න බැරි වුණත් මම ඒක ඒ විදිහට බාරගන්න ලෑස්තියි, මොකද මට ලොකු බලාපොරොත්තු, අපේක්ෂාවන් නැති හින්දා.


 

ඔබේ ජීවිතයට ඔබ කරලා තියෙන ලොකුම ආයෝජනය මොනවද?

මම ආයෝජනයක් විදිහට දකින්නෙ මම හම්බ කරලා තියෙන මිනිස්සු. මම හම්බ කරලා තියෙන්නෙ සල්ලි නෙවෙයි. මම හම්බ කරලා තියෙන්නෙ ආදරය, විශ්වාසය හා මිනිස්සු මට දක්වන ගෞරවය.

හැබැයි ඔබ අහන්නෙ මූල්‍යමය වශයෙන් ආයෝජනයක් ගැන නම්, මම මැරෙනකම්ම මම ආස කරන විදිහෙ ගෙයක් හදාගෙන තියෙනවා, ආසම කරන වර්ගයේ වාහනයක් අරගෙන තියෙනවා. මම මැරෙන කල් කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් විදිහට මුදලක් මම ඉතුරු කරලා තියෙනවා. මම දැන් රුකියාවට යන්නෙ නැහැ. ඉතින් ඒ ටික මට ඇති කිසි කෙනෙකුට කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න.


 

කැළුම් විජේසූරිය ගැන මිනිස්සු හරියටම තේරුම් නොගත්ත එකම දේ මොකද්ද?

හරියටම තේරුම් නොගත්ත එකම දෙයක් තියෙනවා. ගොඩාක් අය මට තියෙන රෝග තත්ත්වය හරියට තේරුම් අරගෙන නැහැ කියලා මට තේරෙනවා. පහුගිය කොවිඩ් කාලෙ මම නිකම් හිටියෙ නැහැ. දවසට පැය දෙකක් ඇවිදලා මම ගොඩාක් බර අඩු කර ගත්තා. එහෙම වුණාම මාව දකින අයට ඒක ප්‍රශ්නයක්. මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ? ඇයි මේ කෙට්ටුවෙලා තියෙන්නෙ වගේ ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා. මට තියෙන්නෙ හෘද රෝගයක් විතරයි. ඒත් සමහරු පිළිකාවක් තියෙනවා කියලා හිතනවා. ක්ෂය රෝගය තියෙනවා කියලා හිතනවා. මම කාලෙක ඉඳලා මගේ රෝග තත්ත්වයට බෙහෙත් ගන්නවා. මම දොස්තරලා කියන විදිහට ජීවත් වෙනවා. හෙට මොනවා වෙයිද දන්නෙ නැහැ, ඒත් මම අදටත් හොඳටම දන්නවා මිනිස්සු ඒක ගොඩාක් වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නෙ. හැබැයි මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.


 

මම මගේ ජිම් එකේ පුහුණුකරුවන් තුන් දෙනෙක්ගෙන් පුහුණු වෙනවා. ඒ තමයි ජීවන්ත ජයමාල්, සසිඳු සුදේක්ෂ සහ පියුමාල් පත්තුවෙආරච්චි. මගේ ඇඟේ හැම කොටසකම නඩත්තුව බාරව ඉන්නෙ මේ තුන්දෙනා. මේ තුන් දෙනාගෙ ප්ලෑන් එක අනුව තමයි මම වැඩ කරන්නෙ. එහෙම කරලා තමයි මම මේ විදිහට ඇඟ හදාගෙන පිළිවෙලකට ඉන්නෙ. මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නැහැ. ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ අපි වයසට ගියාම තඩි බඩක් තියෙන්න ඕනෙ, ඇඟ අපිළිවෙලට තියෙන්න ඕනෙ කියලා. එහෙම හිටියොත් තමයි ඒගොල්ලො ඒක සාමාන්‍ය විදිහට දකින්නෙ. මගේ වයසට වඩා මට හොඳ නිරෝගී ඇඟක් තියෙනවා. ගොඩාක් අයට ඒක තේරුම් ගන්න බැහැ.අද තනිකඩයා තුළින් ඔබ හමුවන්නේ සුවහසක් රසික ප්‍රජාවගේ අසීමිත ආදරයට පාත්‍ර වී සිටින ජනප්‍රිය රංගන ශිල්පී හා සන්නිවේදක කැළුම් විජේසූරිය ප්‍රවීණ කලා ශිල්පියාය.


 

ඔබ මංගල උත්සව කොච්චර ප්‍රමාණයක දෙවැනි මනමාලයා වෙලා තියෙනවද?

දෙවැනි මනමාලයා හැටියට මම හරියටම මංගල උත්සව 10කට සහභාගිවෙලා තියෙනවා. ඒ වගේම සාක්ෂියට අත්සන් කරලා තියෙනවා මංගල උත්සව 16කට. මම අත්සන් කරපු එකම විවාහ ජෝඩුවක්වත් මේ දක්වා වෙන්වෙලා නැහැ කියලා හරිම සතුටින් කියන්න ඕනෙ. ඒගොල්ලො හොඳ සාර්ථක විවාහ ජීවිත ගත කරනවා.


 

ඔබට පළවෙනි මනමාලයා වෙන්න හිතිලම නැද්ද?

හිතිලම නැත්තෙ නැහැ. ඕනෙම තරුණයෙකුට තරුණ කාලෙ හීන තියෙනවනෙ කවදා හරි කසාද බැඳලා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. හැබැයි මොන යම් හෝ හේතු බොහොමයක් හින්දා ඒක මගේ ජීවිතෙන් ගැලවිලා ගිහින් තියෙනවා. එවැනි ආසාවක් ඉදිරියේදි ඇතිවෙයි කියලා මම හිතන්නෙ නැහැ. මම චිත්‍රපටවලට, ටෙලිනාට්‍යවලට, රෑප රචනාවලට කීප සැරයක්ම මනමාලයෙක් හැටියට පෙනී ඉඳලා තියෙනවා. ඇත්ත ජීවිතේදි තමයි ඒක වුණේ නැත්තෙ. ඒ ගැන මට කිසිම දුකක්වත් කනගාටුවක්වත් නැහැ.


 

ඔබට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවනෙ. ඒ අයගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක අමාරු වුණු නිසාද අවිවාහකව ඉන්න හිතුවෙ?

එහෙම දෙයක් නම් නෙවෙයි. මට ආදරය කරන අසීමිත පිරිසක් ඉන්නවා. මට අදටත් ඇත්තටම පුදුමයි ඇයි මිනිස්සු මට මෙච්චර ආදරේ කියලා. මම ඉන්දියාවෙ බොලිවුඩ් නළුවෙක්වත් කෝටිපතියෙක්වත් නෙවෙයි. මම ලංකාවෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. ඒ ආදරෙත් එක්කම මට ආදරේ පුදුම විදිහට ලැබිලා තියෙනවා. හැබැයි විවාහ නොවී ඉන්න හේතුවක් හෙව්වොත්, මගේ ජීවිතේ ගැටලු කීපයක් මතු වුණා මම ඉතාම තරුණ වයසෙදි. 

ඔබ දන්නවා මම හෘද රෝගියෙක් කියලා. ඒකත් එක්ක ඇතිවෙච්ච සිතුවිලිත් එක්ක තමයි මම මේ දේට යොමුවිය යුතු නැහැ කියලා තීරණය කළේ. ඊටපස්සෙ මම මගේ ඇඟ ගැන, ශරීර සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගත්තා. ව්‍යායාම කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මට රස්සාවෙ ඉහළටම යන්න හම්බවුණා. රස්සාව නිසා අවුරුද්දෙ වැඩි හරියක් පිටරට ඉන්න සිද්ධ වුණා. ඒ වගේ ගොඩාක් හේතු තිබුණා.


 

සමාජ සත්ත්වයො හැටියට අපිට පුළුවන්ද මේ ලෝකෙ තනිකඩව, හුදෙකලා වෙලා ජීවත් වෙන්න?

මේ ලෝකෙ කිසිම මනුස්සයෙකුට හුදෙකලා වෙලා ජීවත් වෙන්න බැහැ. එහෙම වුණොත් ඒ මනුස්සයා මානසිකව වැටෙනවා. හුදෙකලාවෙ ජීවත් වෙන්න බැරි වුණාට, මට හැම පැත්තකින්ම ගොඩාක් ආදරය ලැබෙනවා. මට පණ වගේ ආදරේ කරන යාළුවො ගොඩාක් ඉන්නවා. ඒ ආදරයත් එක්ක ගෙවෙන ජීවිතේදි මට ඇත්තටම කිසිම පාළුවක්, තනිකමක් දැනෙන්නෙ නැහැ. 


 

පිරිමියෙකුට විවාහයක් අනිවාර්යයි කියලද ඔබ හිතන්නෙ?

පිරිමියෙකුට විවාහයක් අනිවාර්ය නැහැ කියන මතයෙ තමයි මම ඉන්නෙ. සමාජය දිහා බැලුවම, විවාහ වෙන්න ඕනෙ කියලා විවාහ වෙන අයත් ඉන්නවා. ආදරේ කරලා ඒ ආදරය උපරිම විදිහට භුක්ති විඳිමින් විවාහ වෙන අයත් ඉන්නවා. නමුත් විවාහ වෙන කාන්තාවට ඒ ආදරය, ගෞරවය, රුකවරණ හා විශ්වාසය නිසා ආකාරයෙන් ලබා දෙන්න බැරිනම් කිසිම පිරිමියෙක් විවාහ නොවිය යුතුයි කියන මතයෙ තමයි මම ඉන්නෙ.


 

කවදා හරි වයසට ගිය කාලෙක, අවිවාහක ජීවිත ගත කරන අයට අනාගතය ගැන බයක් ඇතිවෙන්නෙ නැද්ද?

මම ඒක අනිත් පැත්තට කියන්නම්. සමහරු විවාහ වෙලා දරු මල්ලො තුන් හතර දෙනෙක් හදාගෙන ඉන්නවා. අද කාලෙ තියෙන මෝස්තරේට අනුව ළමයි ගොඩාක් වෙලාවට ලංකාවෙ ඉගෙන ගන්නෙ නැහැ. උසස් අධ්‍යාපනයට පිටරට යන ළමයි කීයෙන් කී දෙනෙක්ද ආපහු ලංකාවට එන්නෙ? දෙමව්පියො දරුවො වෙනුවෙන් කැපවෙලා ගොඩාක් යුතුකම් ඉටු කරනවා. ඒ අයට විශ්වාසයක් තියෙනවද කවදා හරි ඒ අයගෙ ළමයි තමන් වයසට ගියාම බලාගනී කියලා. අනික, කවුද දන්නෙ අපි කසාද බැන්දොත්, අපි ජීවත් වෙනකම්ම තමුන්ගේ සහකාරිය හෝ සහකාරයා තමන් වයසට යනකම්ම තමන් ළඟ ඉඳී කියලා. එහෙම විශ්වාසයක්, සහතිකයක් මොන මනුස්සයටද දෙන්න පුළුවන්. හැබැයි තනිකඩව ඉන්න කෙනෙක් හැටියට මම ඒ තැන දැකලා ඉවරයි. මට කවුරුත් නැතිවේවි. නැති වුණත් මට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැති තැනට මම හිත හදාගෙන ඉවරයි. ඒ මානසික තත්ත්වෙන් ඉන්නකොට අනාගතයේදී වයසට ගියාම, මට ඇවිදගන්න බැරි වුණත් මම ඒක ඒ විදිහට බාරගන්න ලෑස්තියි, මොකද මට ලොකු බලාපොරොත්තු, අපේක්ෂාවන් නැති හින්දා.


 ඔබේ ජීවිතයට ඔබ කරලා තියෙන ලොකුම ආයෝජනය මොනවද?

මම ආයෝජනයක් විදිහට දකින්නෙ මම හම්බ කරලා තියෙන මිනිස්සු. මම හම්බ කරලා තියෙන්නෙ සල්ලි නෙවෙයි. මම හම්බ කරලා තියෙන්නෙ ආදරය, විශ්වාසය හා මිනිස්සු මට දක්වන ගෞරවය.  හැබැයි ඔබ අහන්නෙ මූල්‍යමය වශයෙන් ආයෝජනයක් ගැන නම්, මම මැරෙනකම්ම මම ආස කරන විදිහෙ ගෙයක් හදාගෙන තියෙනවා, ආසම කරන වර්ගයේ වාහනයක් අරගෙන තියෙනවා. මම මැරෙන කල් කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් විදිහට මුදලක් මම ඉතුරු කරලා තියෙනවා. මම දැන් රුකියාවට යන්නෙ නැහැ. ඉතින් ඒ ටික මට ඇති කිසි කෙනෙකුට කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න.


 

කැළුම් විජේසූරිය ගැන මිනිස්සු හරියටම තේරුම් නොගත්ත එකම දේ මොකද්ද?

හරියටම තේරුම් නොගත්ත එකම දෙයක් තියෙනවා. ගොඩාක් අය මට තියෙන රෝග තත්ත්වය හරියට තේරුම් අරගෙන නැහැ කියලා මට තේරෙනවා. පහුගිය කොවිඩ් කාලෙ මම නිකම් හිටියෙ නැහැ. දවසට පැය දෙකක් ඇවිදලා මම ගොඩාක් බර අඩු කර ගත්තා. එහෙම වුණාම මාව දකින අයට ඒක ප්‍රශ්නයක්. මොකද්ද මෙයාට වෙලා තියෙන්නෙ? ඇයි මේ කෙට්ටුවෙලා තියෙන්නෙ වගේ ප්‍රශ්න ඒගොල්ලන්ට තියෙනවා. මට තියෙන්නෙ හෘද රෝගයක් විතරයි. ඒත් සමහරු පිළිකාවක් තියෙනවා කියලා හිතනවා. ක්ෂය රෝගය තියෙනවා කියලා හිතනවා. මම කාලෙක ඉඳලා මගේ රෝග තත්ත්වයට බෙහෙත් ගන්නවා. මම දොස්තරලා කියන විදිහට ජීවත් වෙනවා. හෙට මොනවා වෙයිද දන්නෙ නැහැ, ඒත් මම අදටත් හොඳටම දන්නවා මිනිස්සු ඒක ගොඩාක් වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නෙ. හැබැයි මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.


 මම මගේ ජිම් එකේ පුහුණුකරුවන් තුන් දෙනෙක්ගෙන් පුහුණු වෙනවා. ඒ තමයි ජීවන්ත ජයමාල්, සසිඳු සුදේක්ෂ සහ පියුමාල් පත්තුවෙආරච්චි. මගේ ඇඟේ හැම කොටසකම නඩත්තුව බාරව ඉන්නෙ මේ තුන්දෙනා. මේ තුන් දෙනාගෙ ප්ලෑන් එක අනුව තමයි මම වැඩ කරන්නෙ. එහෙම කරලා තමයි මම මේ විදිහට ඇඟ හදාගෙන පිළිවෙලකට ඉන්නෙ. මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නැහැ. ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ අපි වයසට ගියාම තඩි බඩක් තියෙන්න ඕනෙ, ඇඟ අපිළිවෙලට තියෙන්න ඕනෙ කියලා. එහෙම හිටියොත් තමයි ඒගොල්ලො ඒක සාමාන්‍ය විදිහට දකින්නෙ. මගේ වයසට වඩා මට හොඳ නිරෝගී ඇඟක් තියෙනවා. ගොඩාක් අයට ඒක තේරුම් ගන්න බැහැ.