තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

Wednesday, January 06, 2021 0 Comments


කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදීසිටි ශ්‍රී ලාංකිකයින් 198 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

මේ අයුරින් හෙට දිනයේදී ද තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව අද (06) අළුයම මාලදිවයිනේ සිට 42දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 74දෙනකු, ඩුබායි සිට 82දෙනෙකු මෙසේ දිවයිනට පැමිණි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසා ඇත.

මෙසේ පැමිණි මගීන් සියලුමදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා ද යොමු කර තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.