තවත් කෝවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනයයි

Wednesday, January 20, 2021 0 Comments


කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඊයේ රත්‍රියේදී පලා ගොස් ඇත. 

මෙසේ පලාගොස් ඇත්තේ 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති පුද්ගලයකි. මොහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය සඳහන් කරයි. නමුත් කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක ඔහු සේවය කර තිබේ. 

මෙසේ පලාගොස් ඇති පුද්ගලයා මේ මස දහතුන් වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එම PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් 19 ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එසේ තහවුරු වීමෙන් පසුව ජනවාරි 17 වන දින වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔහුව ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

මෙසේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ රාත්‍රී 7.30ට පමණ එම පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වේ. 

මොහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවුවෙක් වන බැවින් මෙසේ පලාගොස් ඇති බවට ද වාර්තා වේ.

කෙසේවෙතත් මේ පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 071 859 11 38 යන වාලච්චේන පොලිස් ස්ථානාධිපතිගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.