හිටපු ඇමති රංජන් රාමනායකට වසර 04ක සිරදඬුවමක්
මාධ්‍ය ඉදිරියේ විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි යන චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරන ලදි.
ඔහු විසින් ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශ අවස්ථා ගණනකදීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සිසිර ද ආබෲ මහතා පවසා ඇත.
එමෙන්ම එම ප්‍රකාශය තමා කිසිම හේතුවක් මත ඉවත් නොකරගන්නා බවට විත්තිකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවත් විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් සියලු දෙනාගේ ඒකමතික තීරණයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී.
එබැවින් විනිසුරුවරුන් මෙම තීන්දුව වහා ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක්ද නිකුත් කර ඇත.
මෙම නඩු විභාගය සිදුකරන ලද්දේ විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මළල්ගොඩ, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.