ජෝ බයිඩන් කෝවිඩ් 19ට එරෙහි දෙවැනි එන්නත් මාත්‍රාව විදගනී

Tuesday, January 12, 2021 0 Comments

 


ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනපතිවරයා ලෙස පත්ව සිටින ජෝ බයිඩන් එරට COVID-19 එන්නත්කරණ වැඩසටහන යටතේ සිය දෙවැනි එන්නත් මාත්‍රාව ඊයේ දිනයේදී ලබාගෙන තිබේ. බයිඩන්ගේ නිල කාර්යාලය මේ පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. 

ජෝ බයිඩන් තම පළමු එන්නත ලබා ගැනීමෙන් සති තුනකට පසුව කෝවිඩ් 19ට එරෙහි මෙම දෙවැනි එන්නත  ඊයේ මෙසේ ලබාගෙන ඇත. 

ඔහු හට එන්නත් කර ඇත්තේ Pfizer සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කෝවිඩ් එන්නතයි. 

78 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් එරට මාධ්‍ය ඉදිරියේදී තම පළමු එන්නත්කරණය සිදුකළ අතර  මෙම දෙවැනි එන්නත් මාත්‍රාවත් මාධ්‍ය ඉදිරියේම ඔහු විසින් ලබාගෙන ඇත. 

කෙසේවෙතත් බයිඩන් ලබන ජනවාරි 20වනදා එරට නව ජනපතිවරයා ලෙස රාජකාරී ඇරඹීමට නියමිතව ඇති අතර එදිනට ඩී සී අගනුවරට අමතර ආරක්ෂාවක් ලබා දීමටද බළධාරීන් කටයුතු කර තිබේ.