ජාතික නිදහස් උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

Tuesday, January 26, 2021 0 Comments


එළඹෙන පෙබරවාරි 04වන දින පැවැත්වීමට නියමිත 73 වැනි ජාතික නිදහස් උත්සවය සඳහා සහභාගී වන භට පිරිස් ඇතුළු සියලුමදෙනා හට පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසා තිබේ.

මෙවර ජාතික නිදහස් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ ජාතික නිදහස් උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන නමුත් රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය මත උත්සවයේ ආරාධිතයන් පිරිස සීමා කර ඇති බවයි. 

එමෙන්ම පෙළපාළියට සහභාගි වන භට පිරිස් සහ පාසල් ළමුන්ගේ සහභාගීත්වයද සීමා කර ඇති බවත් සෞඛ්‍ය නීතිරීති අකුරටම පිළිපදිමින්, ජාතියේ සහ රටේ අභිමානය එලෙසම පවතින ආකාරයෙන් මෙවර නිදහස් උත්සවය සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.