ඇෆ්ගනිස්තානයේ අභිරහස් ඝාතන රැල්ල තලේබාන් සංවිධානයේ මිලෙච්ඡ ක්‍රියාවකැයි සැක පල කරයි

Friday, January 08, 2021 0 Comments



ඇෆ්ගනිස්තානයෙහි ඝාතන රැල්ලක් සිදුවෙමින් පවතින බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙය එක්වරම හදිසියේ මතු වූ අභිරහස් ඝාතන රැල්ලක් යැයිද එරට මාධ්‍ය සඳහන් කරයි. කෙසේවෙතත් මේ පිලිබඳව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද ඇෆ්ගනිස්තාන බළධාරීන් පෙන්වා දෙයි.

මෙම අභිරහස් ඝාතන රැල්ලට වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ආදි සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් පසුගිය සති කිහිපය තුළදී නිරාවරණය වී ඇතැයිද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මෙම ඝාතන රැල්ල සංවිධානාත්මකව සිදුවන බවට ද හෙළි වී ඇති නමුත් ඊට අදාළ කිසිඳු වගකීමක් මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත. නමුත් සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්‍රියාකාරිකයන් තෝරාගෙන තලේබාන් සංවිධානය විසින් මෙම ඝාතන සිදුකරන  බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සැක පළකරයි.