අබුඩාබි ටී10 තරඟාවලිය සඳහා ලංකා පිලේ ඇතැම් ක්‍රීඩකයන්ට අවසර නොලැබෙයි
අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ‍්‍යයේදී ආරම්භ වේ. මේ සඳහා ටීම් අබුඩාබි, මාරතා ඇරබියන්ස්, බංග්ලා ටයිගර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, ක්වාලන්ඩර්ස්, දිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස් සහ පුනේ ඩෙවිල්ස් යන කණ්ඩායම් සහභාගි වේ.
මෙම තරඟාවලිය තරඟ 29කින් සමන්විත වේ.
කෙසේවෙතත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ තිළිණ කණ්ඩම්බි බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වීම සුවිශේෂිත්වයකි.
මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා අවිශ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, නුවන් ප්‍රදීප්, මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතව තිබුණ ද ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි කිහිපයක් පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයන්ට මේ සඳහා සහභාගි වීමට අදාළ ආයතනයෙන් අවසර ලැබී නැත.
එබැවින් ඉහත නම් සඳහන් කළ පිරිස අතරින් මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, මතීෂ පතිරණ, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ට පමණක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වීමට අවසර ලැබී ඇත.