ඩ්‍රැගන් ෆෘට් නාමය "කමලම්" ලෙස නම් කිරීමට ගුජරාට් ප්‍රාන්ත රජය තීරණය කරයි


ඩ්‍රැගන් ෆෘට් පලතුරෙහි නම වෙනස් කිරීමට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඩෑගන් හෙවත් මකරා යනු චීනය හා සම්බන්ධ නාමයක් වන බැවින් ඔවුන් මෙසේ එම පලතුරෙහි නම වෙනස් කිරීමට තීරණය කර තිබේ.  

ඩ්‍රැගන් ෆෘට් පලතුර මින් ඉදිරියට "කමලම්" යන නමින් හඳුන්වන බවත් එහි අර්ථය "නෙළුම" වන බවත් ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය විජේ රූපානි පවසා තිබේ. 

හින්දු ජනතාව 'නෙළුම් මල' ශුද්ධ වූ මලක් ලෙස සලකන අතර ඉන්දියාවේ ජාතික පුෂ්පය වන්නේ ද නෙළුම් මලයි. 

එබැවින් ගුජරාට් ප්‍රාන්තයේ බහුල වශයෙන් වගා කෙරෙන මෙම ඩ්‍රැගන් ෆෘට් වල නාමය මෙසේ වෙන්ස් කෙරී තිබේ. 

නමුත් මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිර්ඝ කාලයක පටන් චීනය සහ ඉන්දියාව අතර පවත්නා දැඩි විරසකය බවද වාර්තා වේ. 

Previous Post Next Post