පුතාගේ පොටෝ විකුණනවාට එරෙහිව මෙගන් හැරී නඩු මගට

තම පුත් ආචිගේ ඡායාරූපයක් විකිණීම සහ ප්රදර්ශනය කිරීම නැවැත්වීම සඳහා බ්රහස්පතින්දා දින හැරී කුමරු සහ මේගන් මාක්ල් පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔවුන්ගේ නිවස පිහිටි ලොස් ඇන්ජලීස් ප්රදේශයේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා එල්ල කරමින් එම ඡායාරූපය රැගෙන ඇති බව ඔවුන් පවසයි.