රත්ගම කළුවෑන් අතුරුදන් කිරීමට අදාළ පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට


පසුගිය ජනවාරි 23 වන දින රත්ගම පොලිස් වසමේ බූස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අතුරුදහන්වීමේ සිද්ධියට අදාලව ලද තොරතුරු හා සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන
පොලිස්පතිතුමා විසින්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා පෙබරවාරි 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකල විමර්ශනයෙන් අනාවරණය කර ගත් තොරතුරු හා සිදුකල පර්යේෂණ සාක්ෂි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉහත පැහැරගැනීමේ සිද්ධියට අදාල දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට අනියුක්තව රාජකාරි කල පොලිස් පරීක්ෂක පකුවල් හංදි නිෂාන්ත ද සිල්වා අද සවස ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන ඇත. ඉදිරි විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

Previous Post Next Post