ඩිස්නි රාජපක්ෂ හේතු දෙකක් හින්දා මේ දිනවල සමාජ මාධ්‍යවල හරි හරියට කතාබහ වෙනවා. එක හේතුවක් තමයි සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටයේ මංගල දර්ශනයට ඩිස්නි ඇඳගෙන ගියපු ඇඳුම. අනෙක් කාරණාවත් සුරංග ද අල්විස්ගේම තමයි. ලංකාවේ පසුගිය කාලයේ සිදුවුණු ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීමක් වුණු වේල්ලවීදියේ සූට් කේස් එකකින් හමුවුණ හිස නැති කාන්තා මළසිරුර පුවත ඇසුරින් නිර්මාණය වුණු ඍදදප බද 106 චිත්‍රපටය. කාමර අංක 106 ට ගිය දිනාලි වගේම, ඒක තමයි මේක චිත්‍රපටයේ මංගල දර්ශනයට ගිය ඩිස්නි ගැන ඩිස්නි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
ඒක තමයි මේක චිත්‍රපටයේ මංගල දර්ශනයට මම ඇඳපු ඇඳුමක් හින්දා මේ වන විට සමාජ මාධ්‍ය කලඹලා තියෙනවා. ඒකට මම ලොකු විශේෂයක් කරන්න ගියේ නැහැ. ඒක ඇත්තටම එදා දවසේ යම්කිසි ඇඳුම් ෂොප් එකකින් ටක්ගාලා අරගෙන ඇඳගෙන ගියපු ඇඳුමක්. ඉතිං කිසිසේත්ම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. හැබැයි මම ඒ ගත්තු ඇඳුම ස්ටයිල් එකකට ඇන්දා. මොකද මම හරි ආසයි ෆැෂන් කරන්න. එතකොට මම හිතුවේ නැහැ මේක ආන්දෝලනාත්මක ඇඳුමක් වෙයි කියලා. නමුත් සමහර අය හිතනවා ඇති මේක ප්ලෑන් කරලා ඇඳපු ඇඳුමක් කියලා. නමුත් මම දන්නවා මොකක් හරි ඇඳුමක් ඇන්දහම ඒක නිරූපණය කරන්න ඕනෑ විදිහ.
දැන් මේක ලෝකයේ වෙන රටවල්වල නළු නිළියන් සිදුකරන ඉතා ජනප්‍රිය විලාසිතාවක් හින්දා මම හිතුවා ලංකාවේ අයත් දන්නවා ඇති කියලා. ඒ නිසා මම හිතුවේ නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් කරගනීවි කියලා.
අනික මේ වෙන කොටත් අපේ කේෂ්ත්‍රයේ උසස් විලාසිතා කරන නිළියන් කිහිපදෙනෙක්ම ඉන්නවත් එක්ක. මම අවුරුදු දෙකක් ලංකාවේ හිටියෙත් නැහැ. ඉතිං මම හිතුවා ෆැෂන් කියන එක මිනිස්සුන්ට තේරෙනවා ඇති කියලා. මට ඒ විලාසිතාවේ රිස්ක් එකක් දැනුනේ නැහැ. ඉතිං මම මේ නිසා ඇන්දා. දැන් මේකේ හොඳ නරක දෙකම ෂෙයාර් වෙනවා. හොඳ දේවල් දකිනකොට මට හිතෙනවා ඒ ඩේරස් සෙන්ස් එක තියෙන, ඒක තේරෙන ලොකු පිරිසක් ඉන්නවා කියලා. ඒ වගේම නෙගටිව් කමෙන්ට් එහෙමත් චුට්ටක් කියවන්න හම්බ වුණා. වැඩිය කියවන්න හම්බ වුණේ නැහැ. මොකද මේ දවස්වල මගේ තවත් චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පවත්වලා ඒ ගැන කතාබහක් එහෙමත් ඇතිවෙලා තියෙන වෙලාවක්නේ.
හැබැයි කියන්න ඕනෑ නෙගටිව් කමෙන්ට් දැක්කහම මට මොකුත් දුකක් හිතුණේ නැහැ. ඒ නෙගටිව් කමෙන්ට්වල තිබුණේ සාප කරලා. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන වේදනාවක්, තරහක්, වෛරයක් බොහෝ විට කෙනෙක්ට ෆේස්බුක් එක හරහා බැණලා පිටකරනවා. එහෙම දෙයක් තමයි දැක්කේ. නෙගටිව් කමෙන්ට්වල හරයක් තිබුණේ නැහැ. හැබැයි පොසිටිව් කමෙන්ට්වල හරයක් තිබුණා.
ඔය අතරේ ඇය ඍදදප බද 106 සිනමා නිර්මාණය ගැනත් කතා කරන්න අමතක කළේ නැහැ.
ඍදදප බද 106 චිත්‍රපටය මටත් මුලින්ම නරඹන්න ලැබුණේ මාධ්‍ය දර්ශනය දවසේදීමයි. මටත් ඇත්තටම හිතුණා ඉතාමත් හොඳ චිත්‍රපටයක් කියලා. මමත් බොහෝ සෙයින් සතුටට පත්වුණා චිත්‍රපටය නැරඹුවාට පසුව. මොකද චිත්‍රපටය නරඹන කම් ඕනෑම රංගන ශිල්පියෙකුගේ
ශිල්පිනියකගේ හිතේ චකිතයක් තියෙනවා අපි කරපු වැඩේ අපි දකිනකම්. ඒ චකිතය මටත් ඒ විදිහටම තිබුණා. හැබැයි චිත්‍රපටය නැරඹුවාට පසුව මටත් ලොකු සතුටක් තමයි ඇතිවුණේ.
ඇත්තටම රදදප බද 106 චිත්‍රපටයට ආරාධනාව ලැබුණ ආකාරය ගැනත් අපට කියන්න ඇය අමතක කළේ නැහැ.
මම ඔස්ටේ්‍රලියාවට ගියා උසස් අධ්‍යාපන කටයුතුවලට. ඒ වෙනකොට සුදේශ් වසන්ත මහත්මයාගේ ‘සීරුවෙන්’ චිත්‍රපටය තිරගත වෙලා තිබුණේ. ඒකෙන් මාව දැකලා තමයි සුරංග ද අල්විස් මහත්මයා මට ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණයට ආරාධනා කළේ. මෙහිදී විශේෂයෙන් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෑ, මොකද මගේ විභාග කටයුතු අවසන් වෙනකම් හිටියා මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට. ඊට පසුව මම විභාග කටයුතු අවසන් කරලා ලංකාවට ඇවිත් රඟපාලා ගියා. ආපහු හඬකැවීම් පටන්ගන්න තිබුණත් මට තවත් විභාගයක් තිබුණා. විශ්වවිද්‍යාලයෙන් දැනගෙන හිටියා මම ලංකාවේ නිළියක් කියලා. අන්තිමේ මට විශ්වවිද්‍යාලයෙන් පවා විශේෂ අවසරයක් ලබාදුන්නා චිත්‍රපටයේ හඬකැවීම් සඳහා සහභාගිවීමට.
මාධ්‍ය දර්ශනයේදී මෙහි අධ්‍යක්ෂ සුරංග අල්විස් විශේෂයෙන් ස්තූති කිරීමක් සිදුකරනවා ප්‍රධාන චරිතය නිරූපණය කළ ඩිස්නිට. මොකද තමන්ගේ ගුවන් ටිකට්පතේ වියදම තමන්ගේ අතින් දරාගෙන නිර්මාණයට සම්බන්ධවීම පිළිබඳව. ඒ ගැන අපි ඩිස්නිගේ අදහසත් විමසා සිටියා.
මම සිනමාවට ගොඩක් කැමැතියි. සිනමාව, ටෙලිනාට්‍ය කලාව කියන්නේ මගේ ප්‍රධාන වෘත්තීය ආදායම් මාර්ගය නෙමෙයි. ඉතිං මට හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. අනික මම විදෙස්ගත වෙලා ඉන්නේ මෙහි අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගේ
හෝ නිෂ්පාදකවරුන්ගේ වැඩකටයුතුවලට නෙමෙයි. මම ලංකාවේ ඉන්නවාද? විදෙස්ගතවෙලා ඉන්නවාද? කියලත් කියන්න බැහැ. නිර්මාණයට අදාළව මා අයකරන මුදල ඔවුන් ගෙවන කොට මට ඔවුන්ට කියන්න බැහැ ගුවන් ටිකට්පත්වල මුදලත් මට ගෙවන්න කියලා. මොකද මම විදෙස්ගත වෙලා ඉන්නේ මගේ වැඩකට. ඉතිං ඒ නිසා මම හිතුවා එහෙම කරන එක හොඳ නැහැ කියලා. ඉතිං මගේ වියදමින් ආවා. නමුත් මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මම ඒක ඉතාම සතුටින් කරපු නිර්මාණයක්.
දිනේෂ් විතානඡායාරූප – නෙක්සස් ක්‍රියේෂන්ස්