සරාගී විදිහට පේන අරමුණින් නෙමෙයි මම ඒ විලාසිතාව කළේ – ඩිස්නි රාජපක්ෂ

gossiplanka image 1
 


v”උඩුකය විවෘත overcoat විලාසිතාවකින් සැරසිලා මම චිත්‍රපට මංගල දර්ශනයට සහභාගීවීම ගැන මේ දවස්වල සමාජයේ කතාබහක් ඇතිවෙලා තියනවා. සරාගී විදිහට පේන අරමුණින් නෙමෙයි මම ඒ විලාසිතාව කළේ. චිත්‍රපට මංගල දර්ශනයට සහභාගී වෙන්න මොහොතකට කලිනුයි මම ඇඳුම් වෙළෙඳසලකට ගිහින් ඒ ඇඳුම මිලට අරගෙන ඇඳගෙන මේකප්එක දාගෙන ආවේ. සාමාන්‍ය විලාසිතාවක් කියන සිතුවිල්ලෙනුයි මම ඒ විලාසිතාව කළා මිසක සරාගී වීමේ අරමුණකින් මම ඒ විලාසිතාව කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් මාව විවේචනය කරන පුද්ගලයො සහ මාව සාධාරණී කරණය කරන පුද්ගලයන්ව මම සමාජ මාධ්‍යවල දකිනවා. ඒ සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.


පුද්ගලයෙක්ගෙ යහපත් හැසිරීමට වඩා ඇඳුම තමයි සංස්කෘතිය කියලා ලංකාවේ සමහරු හිතාගෙන ඉන්නවා. ඒ වගේ අයට තමයි මම ඇඳපු විලාසිතාව ගැටලුවක් වෙලා තිබුණේ. නමුත් මට බැනපු අයනම් එයාලගේ පෞද්ගලික කේන්තියක් පිටකරගන්න මගේ ඇඳුමට බැන්නා කියලයි මට තේරුණේ.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post