කෙසෙල්වත්තේ වෙඩි තැබීමට රයිනා අත්අඩංගුවට


කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පසුගිය 17 වැනිදා සිදුවූ වෙඩි තැබීමට සැකපිට අවුරුදු 24ක් වන චනිල්ක සංකල්ප
නොහොත් රයිනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව
තිබී හෙරොයින් ග්‍රෑම් 04ක් සහ කඩුවක් සොයා ගත් බවයි.

කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ 28 හැවිරිදි තරුණයෙක් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් වන කෙසෙල්වත්ත දිනූක නැමැතැත්තාගේ සමීපතයෙක් ලෙස මෙම සැකකරු කටයුතු කර තිබෙනවා.
Previous Post Next Post