මට වසන්ති චතුරාණි නැන්දා වගේ වෙන්න ආසයි -ජාන්වී අප්සාරි

gossiplanka image 1
ජාන්වී අප්සාරි අබේ ගුණවර්ධන කියන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක්. ඇය කලාවට පිවිසුණේ අවුරුදු දෙක හමාරක් වැනි පුංචි වයසක දි. මෑතකදී ස්වර්ණවාහිනියේ විකාශනය වූ මා ටෙලිනාට්‍යයෙන් වගේම පිරිමි ළමයි ටෙලිනාට්‍යයෙනුත් ඇයගේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වලා තිබුණා. ජාන්වී ලබන වසරේ දි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වන නිසා කලා කටයුතුවලට පොඩි නිවාඩුවක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් අපිට ආරංචියි. කොහොම වුණත් ඇය රංගනය, නර්තනය වගේම අධ්‍යාපන කටයුතුත් සමබර කරගන්න ලොකු උත්සහයක් ගන්න රංගන ශිල්පිනියක්.


මේ දිනවල කලා කටයුතු මොනවාද?


ස්වර්ණවාහිනීයේ විකාශය වුණ පිරිමි ළමයි, මා ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ කිහිපයකින් මාව දකින්න පුළුවන් වේවි.


 කුඩා වයසෙන්ම කලාවට සම්බන්ධ වුණේ කොහොමද?


චාමර සමරවික්‍රම මාමයි, සද්ධා මංගල සූරිය බණ්ඩාර මාමයි මාව මාස දෙකහමාරෙදි වෙළඳ දැන්වීමකට තෝරාගෙන තිබුණා. පසුකාලීනව සිවගුරුනාදන් මාමා, චරිත් අබේසිංහ මාමා, ලලිත් වසන්ත මාමා, ඉරේෂ් ලොකුබණ්ඩාර මාමා, සංජය සිරිමාල් මාමා වගේ ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ ආව ගමන්මගේදී ටෙලි නිර්මාණ 15 කට, ඒලෙවල් චිත්‍රපටය ඇතුළු චිත්‍රපට හතරකට වගේම මේ දින කිහිපයේදීත් අලුත් චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ මිහිකතට හුස්මක් යන වාර්තාමය වැඩසටහනට වගේම පාසල් මට්ටමේ කෙටිචිත්‍රපටයකටත් මේ වෙනටකොට මගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. මේ අතරතුර වෙළද දැන්වීම්, කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


කලාවට සම්බන්ධවීමට පවුලේ ආභාසයක් තිබුණාද?


නැහැ. එහෙම ආභාෂයක් තිබුණේ නෑ.


පවුලේ විස්තර ගැන කතා කළොත්?


අම්මයි, අප්පච්චියි අක්කයි ඉන්නවා. අම්මයි අප්පච්චියි ගොඩක් මහන්සි වුණා සහ වෙනවා මගේ වැඩකටයුතු වෙනුවෙන්. අක්කත් එහෙමයි. ඉතිං මගේ පවුලේ අය හැම මොහොතකම මගේ පිටුපසින් ඉන්නවා.


ජාන්වීගේ පාසල මොකක්ද?


මම මිනුවන්ගොඩ සීල විමල මහා විද්‍යාලයේ දහය වසරේ ඉගනුම ලබනවා. අපේ විදුහල්පති තුමා රුවන් මාපා පතිරණ සර්ත්, පංතිභාර සර් නිරෝෂන් සර්ත් මගේ අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උදව් කරනවා.


අධ්‍යාපන කටයුතු සහ කලාකටයුතු සමබරව පවත්වා ගන්නේ කොහොමද?


අධ්‍යාපන කටයුතු කලාකටයුතු දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න මම ගොඩක් උත්සහ කරනවා. මම කලාවට වගේම අධ්‍යාපන කටයුතුවලටත් ගොඩක් ආදරෙයි. මගේ අධ්‍යාපන කටයුතුවලට යාළුවෝ ගොඩක් උදව් කරනවා. මට අතපසුණු සටහන් තිබුණොත් හුවමාරු කරගන්නවා. මම කොයි වෙලාවෙවත් මගේ අධ්‍යාපන කටයුතු මගහැරගන්නේ නැහැ.


දිගටම කලා ක්ෂේත්‍රයේ රැf​ඳන්න බලාපොරොත්තුවක් තියෙනවද?


ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඕන නිසා මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ කාලයේදී කලා කටයුතුවලට පොඩි නිවාඩුවක් දීලා තියෙන්නේ. නමුත් නර්තන කටයුතුවල දිගටම යෙදිලා ඉන්නවා සහ හදාරනවා. ඇත්තටම මම අධ්‍යාපන කටයුතු, රංගන කටයුතු වගේම, නර්තන කටයුතුත් සමබරව කරගෙන යන්න උත්සහ කරනවා.


ඔබේ නර්තන කටයුතු ගැන කතා කළොත්?


මේ දවස්වල වැඩිබරක් දීලා තිබ්බේ නර්තනයට, පසුගිය දිනවල මගේ පායිම්පත් උත්සවය පැවැත්වුණා. භරත, කතක්, සබරගමු, පහතරට නර්තන කලාවනුත් මම හදාරනවා. මගේ කලා ආයතනය තාල රංග ආයතනය, මගේ ගුරුතුමිය නිමාලි ටීචර් ඇයවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ගිය වසරේ තායිලන්තයේ පැවති නර්තන තරගයකින් මම රන්පදක්කමක් දිනාගත්තා. ඉදිරියේදී නර්තනය සම්බන්ධ පුහුණුවීමටකට දින 09 කට ඉන්දියාවට යන්න බලාපොරොත්තු වෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


හොඳ ආටිස්ට් කෙනෙක් වෙන්න ආසයි. ඉදිරියටත් ක්ෂේත්‍රයේ හිටියොත් වසන්ති චතුරාණි මහත්මිය වගේ වෙන්න ආසයි. ඒ වගේම පශුවෛද්‍යවරියක් වෙන්නත් ආසාවක් තියෙනවා.රසාංජලී වාසල ✍️

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post