ලංකාවේ විශාලතම මත්කුඩු තොගයට සම්බන්ධ බංගලියන් 5 ක් හසුවේ

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලම හොරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට බංග්ලදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට තිබේ.

බංග්ලාදේශ ක්ෂණික ක්‍රියාකාරී බළගණයේ ප්‍රකාශක මොහොමඩ් මුෆ්ටි මහොමඩ් ඛාන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන්
සැකපිට පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගවට ගත් බවයි.
මෙම අත්අඩංගුවට පත්වූ පිරිස අතරින් තිදෙනෙක් කාන්තාවක් වූ අතර දෙදෙනෙක් පිරිමින් වෙයි‍ෙ
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් වයස අවුරුදු 23 ත්, 29 ත් අතර වයස්වල පසුවන අයයි
දෙසැම්බර් 31 දා ශ්‍රි ලංකා පොලීසිය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 272ක් හා කොකේන් කිලෝ ග්‍රෑම් 5ක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම මත්කුඩු තොගය වෙයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන සඳහා බංග්ලාදේශයේ සහාය ශ්‍රි ලංකාව ඉල්ලා සිටියේය.


Previous Post Next Post