ගංවතුර හා වැසි නිසා උතුරේ දසදහසක් අවතැන්


උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත්
කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09කට බලපෑම් එල්ල වී තිබේ. පවුල් 2788 ක දසදහසකට ආසන්න පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තාවේ.
මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වලට ඉන්
දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.ෙ
මේ අතර ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් , මුත්තයින්කුට්ටිකුලම් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02 බැගින් විවෘත කර තිබේ‍ෙ
පවතින අධික වර්ෂාපතනයත් සමඟ අති වී ඇති ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මුලතිව් - ත්‍රීකුණාමල, මුලතිව් - අනුරාධපුර සහ පුත්තලම - මන්නාරම පරණ මාර්ගය ඇතුළු මාර්ග වල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.




Previous Post Next Post