පොලිසිය ඇල්ලූ හිටපු ජෝර්ජියා ජනාධිපති ආධාරකරුවන් බේරා ගත් හැටි


පොලිස් අත් අඩංගුවට පත් වූ හිටපු ජෝර්ජියානු ජනාධිපති සහ යුක්‍රේනයේ ඔඩෙස්සා පළාතේ හිටපු ආණ්ඩුකාර මිහායිල් සකාෂ්විලි එයින් ගලවා ගැනීමට දෙසැම්බර් 5 වනදා ඔහුගේ ආධාරකරුවන් සමත් වුණා.



2013 තෙක් ජෝර්ජියාවේ ජනාධිපති වූ ඔහු පසුව එරටින් ඉවත් ව යුක්‍රේනයේ පදිංචියට පැමිණියා. ඔහුගේ පැරණි මිතුරකු වූ යුක්‍රේන ජනාධිපති පෙට්‍රෝ පොරොශෙන්කෝ ඔහුට එරට පුරවැසිකම සහ ඔඩෙස්සා පළාතේ ආණ්ඩුකාර පදවිය ද ලබා දුන්නා.


නමුත් 2016 දී සාකාෂ්විලි එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ තමා ගෙනයන දූෂණ විරෝධී සටනට පොරොශෙන්කෝ අකුල් හෙලන බව කියමින්.

පොරොශෙන්කෝ සාකාෂ්විලිගේ පුරවැසිභාවය අහෝසි කළ නමුත් ටික කලක් පිටරට රැඳී සිටි සාකාෂ්විලි මෑතකදී යළි යුක්‍රේනයට පැමිණියා.
පොලිස් අත් අඩංගුවට පත් වූ පසු මිහායිල් සකාෂ්විලි ගලවා ගැනීමට  ආධාරකරුවන් ක්‍රියා කළ ආකාරය දැක්වෙන විඩියෝව පහතින්
Previous Post Next Post