මඩකලපුවට සර්පයො ආවෙ සුනාමි පෙරනිමිත්තකටද?

මඩකලපුවට සර්පයො ආවෙ සුනාමි පෙරනිමිත්තකටද?

ඊයේ සමාජ මාධ්‍ය තුළ සංසරණයවූ ඡායාරූප කිහිපයකින් දැක්වුනේ මඩකලපුව ප්‍රදේශයේ ධීවර දැල්වලට
 මුහුදු සර්පයො අහුවුන කතාවකි. මෙය සුනාමියකට පෙර නිමිත්තක් යයි දක්වමින් කටකතාද පැතිර තිබේ.
මෙම සර්පයින් පිළිබඳ තවම නිශ්චිත විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර නැත. මුන් මුහුදු සර්පයන් නොවන ආඳෝ විශේෂයක් බවට කරුණු පළව ඇති අතර
සුනාමි පෙරනිමිති

ලෙස ආඳෝ දැල් වලට අහුවෙන කතාව ගොතා නිර්මාණය කරන ලද්දකි.
කෙසේ වෙතත් සුලි කුණාටු අවස්ථාවකින් පසු ගැඹුරු මුහුදේ වාසය කරන ජීවින් දැල් වලට අහුවෙන මට්ටමට උඩට පැමිණිම සිදුවිය හැක්කකි.
නැගෙනහිර වෙර⁣ළ ප්‍රදේශයේ සිදුව ඇත්තේ මෙම සංසිද්ධිය යයි අනුමාන කෙරේ.

Previous Post Next Post