වයිබර් ඔස්සේ සම්බන්ධවෙමින් සාපෙළ ගණිත ප්‍රශ්නයට පිළිතුරු ලියූ අනුරාධපුර සිසුවා


වයිබර් ඔස්සේ සම්බන්ධවෙමින්
සාපෙළ ගණිත ප්‍රශ්නයට
පිළිතුරු ලියූ අනුරාධපුර සිසුවා


ඊයේ (18)උදේ පැවති සාමාන්‍ය පෙළ ගණිතය 1 ප්‍රශ්න පත්‍රයට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ විහාග මධ්‍යස්ථානයේදී පෙනී සිටි සිසුවකු ජංගම දුරකථනයකින් වයිබර් තාක්ෂණය ඔස්සේ වෙනත් අයෙකුගේ උපකාරය ලබාගෙන පිළිතුරු ලියද්දී විහාග ශාලාධිපතිවරයාට අසුවි ඇත.
එම විද්‍යාලයේ අංක 4 විභාග ශාලාවේදී විභාගයට පෙනී සිටි මෙම සිසුවා හොරෙන්
රැගෙන ගිය ජංගම දුරකථනය මගින් ප්‍රශ්න පත්‍ර බෙදූ පසු එහි ඡායාරූප ලබාගෙන වයිබර්  ඔස්සේ වෙනත් පුද්ගලයකුට එම ඡායාරූප යවා ඔහුගෙන් නැවත පිළිතුරු ලබාගනිද්දි විභාග ශාලාධිපතිවරයාට අසුවී තිබේ.

මින් ටික කලකට ඉහතදී කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු

සිය දන්ත වෛද්‍ය පියාගේ සහ ටියුෂන් ගුරුවරයෙකුගේ සහාය ඇතිව ස්පයි කැමරාවකින් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප යවා බ්ලූටූත් ඔස්සේ දුරකථන ඇමතුමකට සම්බන්ධවෙමින් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි. එහිදී විභාග ශාලාධිපතිවරයාට පවා නොපෙනෙන ලෙස සියුම්ව එම ගැජට්ටු හසුරවා තිබුණ නමුත් මේ කියන සිදුවීමේදී ජංගම දුරකථන භාවිතය සිදුකර ඇත්තේ එතරම් සියුම් ආකාරයකට නොවේ.

විභාග ශාලා නිරීක්ෂකයින්ට නොපෙනෙන ලෙස දුරකථනය රැගෙන ඇවිත් සඟවා තබා විබාගය වෙලාවේ එය එළියට ගෙන ඔහු සිය වංචනික ක්‍රියාව සිදු කර තිබුණි.
වංචාව හසුවූ පසු විභාග ශාලාධිපතිවරයා එවේලේම උතුරුමැද පළාතේ සහකාර විභාග අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත. පළාත් සහකාර විභාග අධ්‍යක්ෂවරයා වෙබ් ගැන විභාග කොමසාරිස්වරයාට දැනුම් දීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර ඇත.
Previous Post Next Post