තේ කුරුමිණියා අපේ එකෙක් නෙමෙයි - ඇමති නවීන්


ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණියෙකු (Khapra beetle) සොයා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම සඳුදා (දෙසැම්බර් 18) සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව
පසුගිය සතියේ

නිවේදනය කිරීමෙන් පසු
නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසා තිබුණේ අදාළ තේ කන්ටේනරයට කැප්රා කෘමියා ඇතුළු වී තිබෙන්නේ වෙනත් වරායකින් විය හැකි බවයි.

"මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි," අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේය.
Previous Post Next Post