කොන්ත්‍රාත්ගත දුම්රිය සේවකයන් සේවයට කැඳවයි

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා
නියෝග කර ඇත.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති හෙයින් ඔවුන් මේසේ සේවයට කැඳවා ඇත. අද (12දා) දිනයේදී සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගියා සේ සලකා කටයුතු කරන බවද දැනුම් දී ඇත.
Previous Post Next Post