පරිප්පු කරවල හා පොල් සඳහා උපරිම මිලක්


පාලන මිලට වැඩියෙන් මයිසූර් පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල හා පොල් අලෙවි කරන පුද්ගලයන්ට
එරෙහිව නීතිය

දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

අංක 2048/30 ගැසට් නිවේදනයට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 130කටද, කට්ටා කරවල කිලෝවක් රුපියල් 1000කටද, සාලයා කරවල කිලෝවක් රුපියල් 425කටද, පොල් ගෙඩියක් රුපියල් 75කටද අලෙවි කළ යුතු බවද එම අධිකාරිය පවසයි.

මෙම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන වෙළෙඳුන් පිළිබඳ සොයා බැලීමට දිවයින පුරා ආවරණය වන පරිදි වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ.
Previous Post Next Post