අවුකන ප්‍රතිමාව ඉදිරිපිට දී චීන මහාචාර්යවරයා ඇතුළු තිදෙනෙකු පැවිදි දිවියට එළැඹුනේ ඇයි?


අවුකන ප්‍රතිමාව ඉදිරිපිට දී
චීන මහාචාර්යවරයා ඇතුළු තිදෙනෙකු
පැවිදි දිවියට එළැඹුනේ ඇයි?


චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීමේ සිදුවීමක් පසුගිය 26 දින සිදු විය.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාද එක් විය.
මෙසේ පැවිදි භාවයට පත් වූයේ
චීන විශ්වවිද්‍යාලයේ

සෞන්දර්ය මහාචාර්ය යං ජුන් චීනයේ තාලියෙන් හි පදිංචි ව්‍යාපාරික වන් ලී ගෝ සහ දුම්රිය සේවයේ සේවකයකු වූ වං හුයි  යන අයයි.
අවුකන රජමහා විහාරාධිපති  ධම්මකිත්ති නාහිමියන් ගේ මැදිහත්වීම මත
මෙම තිදෙනා අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට තාවකාලික පැවිද්ද ලැබූ පසු ඔවුනගේ පැවිදි නම් වුයේ තාලියම් පදුමකිත්ති, තාලියම්  පඤ්ඤාකිත්ති හා තාලියම් සුමනකීර්ති යන නාමයන්ය.
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මෙසේ පැවිදි වූ චීන ජාතික භික්ෂූන් වහන්සේලාට අටපිරිකර පූජා කිරීම සිදුවිය.
ධම්මකිත්ති නා හිමියන් කියා සිටියේ චීන ජාතික බොහෝ දෙනෙකු අවුකන පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරන්තරයෙන් යෙදෙන බවය.
ඒ අතර චීනයේ පදිංචිව සිටි මෙම කණ්ඩායම බුදු දහම කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් තාවකාලික පැවිද්ද ඉල්ලා සිටි බවත් දෙසතියක කාලයක් විහාරස්ථානයේ වැඩ සිටිමින් බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීම භාවනා යෝගීව වැඩ සිටීම සිදු කරන බවයි.අවස්ථාවේ වීඩියොව පහතින්
Previous Post Next Post