තායිවාන බැංකුවක සයිබර් මුදල් කොල්ලයක් නිසා පසුගියදා අත්අඩංගුවට පත්වූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව තවත් නඩුවක් ගොනුවී තිබේ.
ඒ රාජගිරිය
ප්‍රදේශයේ ඔහුට අයත් ගොඩනැගිල්ලකට නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙනි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම නඩුව ගොනු කොට තිබූ අතර එහි සාක්ෂි විභාගය ඊයේ (16) ආරම්භ කෙරිණ.ෙ
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව ගොනු කෙරුණු වෙලාවේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ සිටින බව වාර්තා කෙරිණි. සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනීසිටීමට නොතීසි නිකුත් කර වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 13 වෙනිදාට නියම කරන ලදී.

Tags:
Trending