මැච් පෙන්වන අතරේ සියත ටීවී නිවුස් සියල්ල දොට්ට බැහලා


මේ දිනවල ශ්‍රී ලංකා පකිස්තානු ක්‍රිකට් තරගාවලියද විකාශය කරනු ලබන සියත ටීවී රූපවාහිනී නාලිකාව තුළ ඇතිවූ අභ්‍යන්තර වැටුප් ගැටලුවක් හේතුවෙන් එහි ප්‍රවෘත්ති අංශයේ සේවය කරන 15 දෙනාගෙන් 13

දෙනෙකුම ඉල්ලා අස්වී අද උදෑසන ආයතනයෙන් පිටවී ගොස් ඇති බව වාර්තාවේ.
වැටුප් වර්ධක ලබාදෙන බවට පොරොන්දුවී තිබී වැටුප පවා හරිහැටි නොගෙවූ නිසා මෙම පියවර අනුගමනය කළ බව ඔවුහු පවසති.

සියත නාලිකාව මහබැංකු බැඳුම් කර හා සම්බන්ධ කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ බවට පසුගිය කාලයේ ආරංචි පළව තිබුණි.පසුගිය කාලයේ ගිණුම් කටයුතු සම්බන්ධ ගැටලු පැනනැගීමෙන් පසු  ඔවුන් ඇරඹි ජනයුගය පුවත්පතද මාස ගණනාවකින් වැටුප් නොගෙවීමේ ගැටලු වලට මුහුණ පා තිබිණි.

සියත ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති ක්‍රිකට් මැච් අතර විකාශය කිරීම නිසාද පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබුණ අතර අද සිදුවූ සිද්ධිය නිසා උදෑසන සිටම එහි ප්‍රවෘත්ති විකාශයන්ද ඇණ හිට තිබේ.


Previous Post Next Post