රවීගේ ගෙවල් ගනුදෙනුව හෙළි කළ අනිකා ආගිය අතක් නෑ


රවීගේ ගෙවල් ගනුදෙනුව හෙළි කළ 
අනිකා ආගිය අතක් නෑ

බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝශියස් තමාට අයත් නිවසක් රවී කරුණානායකට විශාල කුලී පදනමකින් ලබාදුන් බව හා පසුව රවීගේ සමාගම එය අධික මිලකට මිලට ගත් බවට ගිණුම් විස්තරද සමග ඉදිරිපත්කරමින්
ආන්දෝලනාත්මක පුවත් මැවූ

සුප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරියගේ දියණිය වන අනිකා විජේසූරිය ආගිය අතක් නැතැයි වාර්තාවේ.

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අනිකා විජේසුන්දරට හිටපු අමාත්‍යවරයකුගේ සමීපතමයකු විසින් මරණ තර්ජන එල්ල කර ඇති බවක් අද (17) බැඳුම්කර කොමිසම හමුවේදී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබෙන නිසා ඇය අතුරුදන්ව ඇත්තේ එම තර්ජන වලට බියෙන් වියහැකි බවට සැක කෙරේ. මරණ තර්ජන හමුවේ ඇය රටින් පිටව ගොස් ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමට දැනුම් දී තිබේ.

අනිකා විජේසූරියත් රවීගේ දියණිය ඔනෙලාත් අර්ජුන් ඇලෝසියසුත් එකම පාසලේ ඉගෙනුම ලැබූවන් වන අතර මෙම හෙළිදරව්වට වසර ගණනාවකට පෙර අනිකා හා අර්ජුන් අතර පෙම් සබඳතාවයක් තිබී බිඳී ගොස් ඇති බවටද මින් ඉහත මාධ්‍ය වාර්තා පළව තිබුනි.
Previous Post Next Post