පාඩම් කරන්න දෙමාපියන් බල කළාට උරණවී ගාල්ලේ සාපෙළ සිසුවා වෙඩිතබාගෙන දිවිනසාගනී


පාඩම් කරන්න දෙමාපියන් බල කළාට උරණවී 
ගාල්ලේ සාපෙළ සිසුවා වෙඩිතබාගෙන දිවිනසාගනී

පෝද්දල, වටරැක ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සිය පියාට අයත් බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මියගොස් ඇත්තේ


මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත  17 හැවිරිදි සිසුවෙකු බව පොලීසිය පවසයි.

සිය දිවි හානි කර ගැනීමට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ දෙමාපියන් දිගින් දිගටම තමන්ට පාඩම් කරන්නට බල කිරීම වදයක් වූ බවයි.

මියගිය සිසුවාගේ මව ගුරුවරියක වූ අතර පියා ව්‍යාපාරිකයෙකි. තුමුදිත් ආදිත්‍ය නැමැති මියගිය සිසුවා ගාල්ල ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබමින් සිටියේය.

ඊයේ (10) දින සවස මෙම සියදිවි නසා ගැනීම සිදුව තිබෙයි.මේවන විට දේහය ගාල්ල කරාපිටිය රෝහලේ තැන්ත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
Previous Post Next Post