පුද්ගලයින් 59 දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියකට ඊයේ එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස තවම හදුනාගෙන නැත.
ඊයේ අලුයම මෙම සංගීත සැණකෙළියට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 59 දෙනෙකු මිය ගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ලාස් වේගාස්හි පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නමැත්තෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහුට සහය වීම සඳහා මාර්ලෝ ඩැන්ලී නමැති ආසියානු කාන්තාවක ද එම ස්ථානයට පැමිණ ඇතැයි කියැවේ.
ලාස් වේගාස් පොලීසිය පවසන්නේ, වෙඩික්කරු ප්‍රසංග භූමිය ආසන්නයේ පිහිටි මැන්ඩලේ බීච් හෝටලයේ 32 වන මහලේ සඳළු තලයේ සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය.ෙ
ඒ වන විට ප්‍රසංග භූමියේ රැඳී සිටි පිරිස 22,000කට අධිකය.
ප්‍රහාරයෙන් අනතුරුව පොලීසිය සැකකරු සිටි හෝටල් කාමරය වැටලූ අවස්ථාවේ ඔහු සියදිවි හානි කරගෙන තිබේ.
තමා ලාස් වේගාස්හි සංචාරය කිරීමට නියමිත බව ද ජනපති ට්‍රම්ප් මේ ගැන ප්‍රකාශ කළේය.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ වීඩියෝවක් පහතින්

Tags:
Trending