ඊයෙ රෑ පිටකොටුව කුමාරවීදියේ‍ ගින්නක්


 ඊයේ(20) මධ්‍යම රත්‍රියේ දී පිටකොටුව කුමාරවීදිය ප්‍රදේශයේ
ගින්නක් හටගෙන ඇති අතර ඉන් වෙළෙඳසැල් තුනකට හානී සිදුව ඇති බව පොලීසිය පැවැසීය.


විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළෙදසැල් තුනකට මෙමගින් හානී සිදුව ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා තිබේ.
 කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.


Previous Post Next Post