පකිස්තානය සමග ටෙස්ට් තරගාවලියට කණ්ඩායම නම් කෙරේ -තිරිමාන්නට උප නායකත්වය


පාකිස්තාන් කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ මස 28දා සිට පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකු ඇතුළත්
ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අතර දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවද්දී උප
නායකත්වයට

ළහිරු තිරිමාන්න නම් කර ඇත.
කෙසේ වෙතත් නව තේරීම් කමිටුවේ ප්‍රථම රාජකාරිය ලෙස පත් කර ඇති ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා ඇන්ජිලෝ මැතිව්ස් තෝරා ගෙන නොමැති අතර ඊට හේතුව මැතිව්ස්ගේ පාදයේ කෙණ්ඩයේ ආබාධයක් නිසා බවද පැවැසේ. ඒ අනුව නම් කර ඇති ටෙස්ට් සංචිතය මෙසේය.

දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ. අතිරේක - ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, ළහිරු කුමාර, දසුන් ශානක
Previous Post Next Post