ගිනස් විවාහ ඔසරි පොටට පාසල් ළමුන් යෙදවීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක්

ඊයේ මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ ගිනස් වාර්තා
තැබීම අරමුණු කරගත්

මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව අවභාවිතාවට ලක් කිරීම හා අධ්‍යාපනය ලැබිය යුතු වේලාවේ පැය 4 ක් පමණ අව්වේ තබා හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ බවද අධිකාරිය අද (22දා) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන් සමඟ ද මේ වන විට සාකච්ඡා කරන බවත් ඔවුහු පවසති.
සිද්ධියට අදාළ පෙර ලිපිය මෙතැනින්
Previous Post Next Post