ශෙරංගි රංගන ක්ෂේත්රයට පිවිසියේ කෙසේද?
2022 දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමත් සමඟ රංගන ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වීමට මට අවස්ථාව හිමිවුණා.
‘එහෙව් හිතක ආදරයක්’ යනු ශෙරංගි රංගනයෙන් දායක වන කීවැනි ටෙලිනාට්‍යයද?
මෙය මා රඟපාන සිව්වැනි ටෙලිනාට්‍යයයි. මීට පෙර ‘මගේ ඉපැරැණි පෙම්වතිය’ වැනි ටෙලිනාට්‍යවල අතිරේක චරිතවලටත්, ‘තප්පර කට්ටා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයටත් මම රංගනයෙන් දායක වී තිබෙනවා. ප්‍රධාන චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙයයි.
‘එහෙව් හිතක ආදරයක්’ ටෙලිනාට්‍යයේ වේටර්වරියක ලෙස රඟපෑමට ලැබීම පිළිබඳව ඔබට හැඟෙන්නේ කෙසේද?
මෙහිදී මා නිරූපණය කරන්නේ ආශිගේ චරිතයයි. පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ගොඩනැඟීමේ සහ තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමේ අරමුණින් ඇය හෝටලයක වේටර් රැකියාවක නිරත වෙමින් ජීවන අරගලයට මුහුණ දෙනවා. මීට පෙර මම වේටර්වරියකගේ චරිතයක් නිරූපණය කර නොතිබූ නිසා මෙය මට අලුත් අත්දැකීමක් වුණා. කෙසේ වෙතත් අධ්යක්ෂ සාලින්ද රත්නායක අයියාගේ මඟපෙන්වීම යටතේ එම චරිතය ගොඩනඟාගෙන සාර්ථකව රඟපෑමට මට හැකිවුණා. කිසිවෙකු මත යැපෙන්නේ නැතිව දුෂ්කරතා විඳදරාගෙන තම පවුලත් ගොඩගනිමින් දියුණුවීමට වෙහෙසෙන ආශි වැනි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.
ආශිගේ චරිතය තුළින් ශෙරංගිට වඩාත්ම සමීපව දැනුණු කාරණය කුමක්ද?
ස්වයං උත්සාහයෙන් ජීවිතය ජයගැනීමට වෙහෙසෙන තරුණියක වීම එහිදී මට වඩාත්ම දැනුණු දෙයයි. ඊට හේතුව මමත් ආශි මෙන්ම මහන්සි වී ජීවිතය ජයගැනීමට උත්සාහ කරන කෙනෙකු වීමයි. මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වන්නේ මටම කියා නිවසක් ඉදිකරගෙන, වාහනයක් මිලදී ගෙන පවුලේ අයවත් හොඳින් රැකබලා ගනිමින් ඉදිරියට යාමයි. මේ වන විට වාහනයක් මිලදී ගැනීමේ බලාපොරොත්තුව නම් මම ඉටුකරගෙන තිබෙනවා.
මෙම ටෙලිනාට්‍යයේදී ශෙරංගිට දඟකාර මල්ලි කෙනෙකු හමුවී තිබෙනවා නේද?
ඔව්, නිරන්තරයෙන් දඟ වැඩ කරන පණ්ඩිත මල්ලි කෙනෙකු මට මෙහිදී හමුවී තිබෙනවා. ශාරද් චන්දුම තමයි මගේ මල්ලිගේ චරිතය රඟපාන්නේ. මගේ සැබෑ ජීවිතයේ පවුල තුළත් ශාරද් වැනිම දඟකාර මල්ලි කෙනෙකු සිටිනවා. එනිසා සැබෑ ජීවිතයේ මගේ මල්ලි සමඟ ඇති සහෝදර බැඳීමම කිසිදු වෙනසකින් තොරව රංගනයේදී ශාරද් සමඟත් මට දැනෙනවා.
‘එහෙව් හිතක ආදරයක්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර මුහුණ දුන් විශේෂ අත්දැකීම් මොනවාද?
ඉදිරියේදී මෙම ටෙලිනාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන්ට මම තරුණයන් සමඟ සටන් කරන ජවනිකා දැකගැනීමට හැකිවෙයි. සාමාන්‍ය රංගනයකින් ඔබ්බට ගොස් එවැනි සටන් ජවනිකා නිරූපණය කිරීමට ලැබීම මෙහිදී මා ලැබූ විශේෂ අත්දැකීමක්.
ශෙරංගි ඉදිරියට යන්නේ චරිතාංග නිළියක ලෙසද?
එය එසේ විය හැකියි. මම විශාල ටෙලිනාට්‍ය සංඛ්‍යාවකට දායක වී නැහැ. නමුත් මා රඟපෑ සෑම ටෙලිනාට්යයකින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේ එකිනෙකට වෙනස් චරිත ඔස්සේයි. ඉදිරියේදී ගැමි චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට මගේ කැමැත්තක් තිබෙනවා.
ශෙරංගිගේ එකම වෘත්තිය රංගනයද?
නැහැ. රංගනයට අමතරව මම නිරූපිකාවක සහ සමාජ මාධ්‍ය ප්රවර්ධිකාවක ලෙසත් කටයුතු කරනවා. නිරූපිකාවක ලෙස ගීත රූප රචනා සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට දායක වන අතර, ප්රවර්ධිකාවක ලෙස විවිධ වෙළෙඳ නිෂ්පාදන ජනතාවට සමීප කිරීමේ කටයුතුවල නිරත වෙනවා.
රසිකයන් අතර ශෙරංගි සරාගී චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා නේද?
ඔව්. නමුත් මම විශේෂයෙන් සරාගී අයුරින් හැසිරෙන්නේ නැහැ. හැඩකාර අයුරින් මම මගේ සිරුර පවත්වාගෙන යනවා. විලාසිතාවක් ලෙස තරමක් විවෘත කොට ඇඳුම් අඳින නිසා රසිකයන් මාව සරාගී කෙනෙකු ලෙස හඳුන්වනවා.
ශෙරංගිට විවේචන එල්ල වන අවස්ථා තිබෙනවාද?
කොහෙත්ම නැහැ. මා නිරූපණය කරන චරිත, නිරූපණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු හෝ මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු මාව විවේචනය කර නැහැ.
රංගනයේදී සරාගී චරිත නිරූපණය කිරීමට අදහසක් තිබෙනවාද?
කලාත්මක වටිනාකමක් තිබෙන සරාගී චරිත රඟපෑමට මම කැමැතියි. එහෙත් එවැනි චරිතයක් භාරගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ එහිදී සිදුකිරීමට ඇති දේ සහ ඇඳුම් පැළඳුම් පිළිබඳව සැලකිලිමත් වීමෙන් අනතුරුවයි. මගේ පෞද්ගලික ප්‍රතිරූපයට හානියක් වන සහ රසිකයන් අතර නරක ප්‍රසිද්ධියක් ඇති කරන චරිත මම භාරගන්නේ නැහැ.
ඔබේ කලා ගමනට පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?
මගේ පවුලේ සිටින්නේ අම්මා, තාත්තා, නංගී සහ මල්ලීයි. මම රංගන ක්ෂේත්රයට පිවිසි මුල් කාලයේදී අම්මා මගේ පසුපසින්ම සිටිමින් මට ආරක්ෂාව සැලසුවා. මා ක්ෂේත්රය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඉදිරියට යන විටයි ඇය මට තනිවම වැඩකටයුතුවලට යාමට ඉඩ ලබාදුන්නේ. තාත්තා, නංගී සහ මල්ලීත් මා කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යනවා දැකීමට බෙහෙවින් කැමැතියි. මගේ අඩුපාඩු පෙන්වා දෙමින් ජීවිතය ජයගැනීමට මට උපකාර කරන හොඳම රසිකයන් ලෙස මගේ පවුලේ අයව හඳුන්වන්න මම කැමැතියි.
(ලක්ෂාන් ජයසූරිය)
ENGLISH SUMMARY: Sri Lankan actress Sherangi Natasha, who entered the entertainment industry after winning second place at the Derana Avurudu Kumariya 2022 pageant, recently spoke about her evolving acting career in an interview conducted by Lakshan Jayasuriya. She currently portrays Ashini, also known as Ashi, in the TV Derana teledrama Ehew Hithaka Adarayak, directed by Salinda Rathnayake. Marking her fourth teledrama and second lead role following Thappara Katta and supporting appearances in dramas such as Mage Iparani Pemwathiya, the series features her as a hardworking hotel waiter striving to uplift her family. Sherangi Natasha noted that Ashi's self-made determination mirrors her own real-life goals of supporting her family, buying a vehicle—which she has already achieved—and building a home. She also highlighted her on-screen sibling chemistry with co-star Sharad Chanduma and upcoming action fight scenes. Beyond acting, Sherangi works as a commercial model and social media influencer. Addressing her glamorous public image, she stated she has not faced criticism and is open to artistic sensual roles provided they protect her personal reputation, while crediting her parents and siblings as her greatest supporters.