මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වුණු අග්නි ජය තිරගත වෙනවා නේද?
මට මීට කලින් මාංචනව හම්බවෙලා නැහැ. මීට කලින් ඔහු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායකවෙලා තියෙනවා. මට මේ ආරාධනාව අරගෙන ආවේ සහාය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත. සිනමාව තමන්ගේ ෆැෂන් එක කරගත්තු තරුණයෙකුගෙන් ලැබුණ ආරාධනාවක්. මේ වැඩේට සම්බන්ධ වුණ අත්දැකීම් තියෙන රංගන ශිල්පීන් කතා කළේ මේ වගේ තරුණයෙකුට උදව් කරන්න ඕනෑ කියලා. මාංචනට වාණිජමය චිත්‍රපටයක් ගැන හොඳ අදහසක් තිබුණා. ඉතිං මේ වැඩේට ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් සම්බන්ධ වුණා. මේ දේවල් එක්ක මට තේරුණ දෙයක් තමයි මාංචනට කරන්නන්වාලේ දෙයක් කරලා මතුවෙනවාට වඩා මාංචනගේ හීනයක් තිබුණා මේ වගේ චිත්‍රපටයක් කරන්න ඕනෑ කියලා ඇත්තටම ඒ බලාපෙරොත්තුව හින්දත් මේ වැඩේට එකතු වුණා.
රෙක්ස් තමයි ඔබේ චරිතය?
චිත්‍රපටයේ මගේ නම කියැවුණාම චිත්‍රපටයේ ධාවන කාලය අනුව රූගත කිරීම්වලට සම්බන්ධ වෙනකොට බොහොම කෙටි දර්ශන වාරයක් තමයි තිබුණේ. මාංචනට ඕනෑ වුණේ අලංකාර චණ්ඩියෙක්. හැමදාම දකින චණ්ඩියාට වඩා වෙනස් චණ්ඩියෙක් තමයි ඕනෑ වුණේ. ඒක මාංචනගේ ඔළුවේ තිබුණ අදහසක්. මම ඉතිං චරිත තෝරා බේරා ගන්න කොට චරිත සුදු ද කළු ද කියලා බලන්නේ නැහැ. මම කරන චරිතය චිත්‍රපටය ඇතුළේ කොයිතරම්දුරට කතාබහට ලක්වෙනවාද කොයිතරම් දුරට වැදගත් වෙනවාද කියන එකයි ප්‍රධාන වශයෙන් බලන්නෙ. රෙක්ස්ගේ චරිතය ගත්තත් සුදු, කළු, අළු කියන හැමපැත්තටම දෝලනය වන චරිතයක්. වාණිජ සිනමාව ඇතුළේ ලංකාවේ මිනිස්සු ඒ වගේ චරිතයක් අපෙන් දකින්න කැමැතියි කියල මම හිතනවා.
ඔබ රංගනයෙන් දායක වුණු පිරිනිවන් කන්ද පාමුල තිරගත වීමට නියමිතයි?
මම මෙහිදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ නවකතාවේ රචකයා වන රන්දික කඩවත ආරච්චිට. ඔහු පිටපත ලියන කාලේ ඉඳලා මට කිව්වේ බිමල් අයියේ මම සෝමපාලව විමල් අයියා තුළින් දකින්න කැමැතියි කියලා. ඊට පසුව මෙහි නිෂ්පාදිකාව දිලූපා වගේම අධ්යක්ෂ ඉරුගල් මම එනකං බලාගෙන හිටියා.
ඇත්තටම අධ්යක්ෂවරු, නිෂ්පාදකවරු නළුවාගේ දිනයට වැඩ පටන් ගන්නේ නැහැනේ. මොකද ඒ අවස්ථාව ගැන හිතන්නේ?
මේක කියපු වෙලාවේ ඉඳලා මට ලොකු පීඩනයක් තිබුණා. මොකද මගේ පැමිණීම ගැන ඔවුන් ලොකු බලාපොරොත්තුවක හිටියා. නිෂ්පාදකවරියගේ පැත්තෙන් අවශ්‍ය ප්‍රමාණයට දින සකසලා දීලා මට ලොකු සහයෝගයක් ලැබුණා. අධ්යක්ෂ, කැමරා අධ්යක්ෂ, කලා අධ්යක්ෂ වගේම මගෙත් එක්ක රංගනයෙන් දායක වුණු චන්දිමා සහ අප්සරාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ටික කාලයකින් තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නේ. පොත කියවපු රසිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. අරුණ ප්‍රේමරත්න තමයි රූපවාහිනියේ තිර රචනාව සිදුකළේ. පොතේ තිබුණ රසය නොනසා ප්‍රේක්ෂකයන් තුළට ගෙනියන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා.
ඔය අතරේ හරිස්චන්ද්‍රගේ ඊළඟ වික්‍රමය මොකක්ද කියලා බලන්න රට ම සූදානමින් ඉන්නේ. ධර්ම යුද්ධය 3 රූගත කිරීම් නිමයි?
ඒක ගැන අපි හැමෝටම තිගැස්මක් තියෙනවා. ධර්ම යුද්ධය 3ට පාදක වුණ දෘශ්‍යම් 3 රූගත කරලා තිරගත කරලා අවසන් වුණා. හින්දි භාෂාවෙනුත් ඔවුන් චිත්‍රපටය ඉවර කළා. අදියර තුනකින් ඔවුන් අවසානයට ගියා. නමුත් මලයාලම් නිර්මාණයේ නිශ්චිත අවසානයක් පෙන්වලා නැහැ. නමුත් මම හිතනවා මේකේ අපි අවසානයක් දැකිය යුතුයි කියලා. මේකේ බොහොම කුතුහලය පිරිච්ච අවසානයක් තමයි තියෙන්නේ. ධර්ම යුද්ධය එක දෙක තුළින් අපි හැමදාම දැක්කේ වීරයා පරදින්නේ නැහැ කියලා.
ඒ කියන්නේ ‘ධර්ම යුද්ධය 3’ වීරයා පරදිනවාද?
ඊට හාත්පසින්ම වෙනස් සිද්ධිදාමයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. සමහරවිට ඒකත් ඔහුගේ සැලසුමේම කොටසක් ද කියලා හිතෙන මට්ටමේ අවසානයක් තියෙන්නේ. සියලුම රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නේ. පසු නිෂ්පාදන කටයුතුවල චිත්‍රපටය තියෙන්නේ. දෙබස් කැවීම් ඉවර කළේ මේ කතාබහ කරන මොහොකට දවස් දෙකකට කලින්. මම හිතන්නේ ජනවාරි මාසයේ තුන් වැනි සතිය වනවිට ‘ධර්ම යුද්ධය 3’ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපිට රැගෙන එන්නට පුළුවන්කම තියෙනවා.
මේ අවුරුද්ද ඔබට සුවිශේෂයි ගොඩක් දෙනෙක් කියනවා බිමල්ට චිත්‍රපටයක් දුවවන්න පුළුවන් කියලත්. නළුවෙක් චිත්‍රපටයක් දුවවනවා කියන එක ලේසි නැහැනේ.? ඒක ඔබ කරලා පෙන්වලා තියෙනවා?
ඒක ඇත්තටම අභියෝගයක්. මම සෑහෙන කාලයක් රංගනයේ නියැළුණාට චිත්‍රපටයක ප්‍රධාන භූමිකාව අරගෙන බොක්ස් ඔෆිස් වාර්තාවක් දක්වා චිත්‍රපටයක් අරගෙන යනවා කියන එක ලේසි කටයුත්තක් නෙමෙය.ි විශේෂයෙන්ම වෙනත් රංගන ශිල්පියෙක් කරලා තියෙන චරිතයක් අරගෙන කරන එක තවත් අභියෝගයක්. ක්ෂේත්රයේම සමහර අය කිව්වා දෙකක් හරියන්නේ නැහැ කියලත්. දුවන්න බැහැ කිව්ව චිත්‍රපටයත් අපි ප්‍රේක්ෂකයන් අතරට අරගෙන ගියා. ධර්ම යුද්ධය 1 එක්ක බැඳුණ ප්‍රේක්ෂකයෝ ඒකත් එක්ක ඉන්නවා කියන එක හොඳ සාධකයක්. චිත්‍රපටය තිරගතවනවා කියන දවසේ ඉඳලා චිත්‍රපටය නරඹන්න හැමෝගෙම ඉල්ලුමක් තිබුණා.
ඔය අතරේ මම රංගනයෙන් දායක වුණු ෆාදර් චිත්‍රපටය තිරගතවීම වගේම ගායනය පැත්තෙන් මමත් අභිෂේකාත් ගායනා කරපු ගීතයත් මේ වසරේ එළි දැක්වූවා. ඒ හැම එකක්ම හරිස්චන්ද්රට එකතු වෙච්ච ප්ලස් පොයින්ට් කියලා අපි කියනවා. මේ සමග ඇතිවුණ කතාබහ තමයි මාගේ සාර්ථකත්වයට හේතු වුණේ.
ඒ වගේම මම රංගනයෙන් දායකවුණු Room No. 106 බොහොම කුතුහලය පිරුණු කතාවක්. මිනිස්සු බලාගෙන හිටියා හරිස්චන්ද්‍ර Room No. 106 හි පොලිස්කාරයා වෙන්නේ කොහොමද කියලත්. මේ සියලු දේවල් එක්ක තමයි මගේ වටා චිත්‍රපටයට හැදුණ ප්‍රේක්ෂකාගාරය හැදෙන්නේ. ඒ සියලුම දේවල් එක්ක ‘ධර්ම යුද්ධය’ කියන්නේ ජැක්සන් ඇන්තනී කියන අසහාය රංගවේදියා නිර්මාණය කරපු බ්‍රෑන්ඩ් එකක්. මිනිස්සුට ඔනෑකරල තිබුණා මම ඒකට කොච්චර සාධාරණයක් කරලා තියෙනවාද කියලා බලන්න. ඒක ජැක්සන් ඇන්තනීට සිදුකරන ගෞරවයක් විදිහට සමහර අය සැලකුවා සහ මගේ හිතෙත් ඒ දේ තිබුණා. විශේෂයෙන්ම චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතු කරන්නේ කෙසේද යන්න කෙනකුට ඉගෙන ගන්න ඕනෑ කියන හිතෙන තරමට සිරස මාධ්‍ය ජාලය ඒ ප්රචාරක යාන්ත්‍රණය ඉතාම නිශ්චිත තැනක දියත් කළා. චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සහ චිත්‍රපට කණ්ඩායම අතර තියෙන අවබෝධය සහයෝගය දින සියය දක්වා පවත්වාගෙන ගියා. මේ සියලු කාරණා චිත්‍රපටය සාර්ථක වෙන්නත් බලපෑවා. රංගන ශිල්පියකු විදිහට වසර 15ක 20ක ජීවිතයේ ගෙවාගෙන ආපු හැමදේකම ප්‍රතිඵලය තමයි ධර්ම යුද්ධයේ හරිස්චන්ද්‍ර කියන්නේ.දිනේෂ් විතාන