මේ දිනවල ජීවිතය කෙසේද?
මේ දිනවල මම ඉතා හොඳින් කාලය ගත කරමින් සිටිනවා.
ඔබේ විවාහය ළඟදීම සිදුවන බවට පැතිර යන කතාව සත්‍යයක්ද?
එවැනි සූදානමක් තිබෙනවා. ඒ කතාව සත්‍යයක්.
ඔබේ ආදරණීය පෙම්වතා පිළිබඳව යමක් පැවසුවහොත්?
ඔහු මගේ ස්වාමිපුරුෂයා වූ පසු ඔහු ගැන අනිවාර්යයෙන්ම කියන්නම්.
මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය මොනවාද?
ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට නම් සම්බන්ධ වී නැහැ. නමුත් කිහිපයකට දායක වී සිටිනවා. රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘සෙල්ලක්කාරයෝ’ ටෙලිනාට්‍යයට මෙන්ම හිරු ඩිජිටල් රූපවාහිනියේ ටෙලිනාට්යයකටද මම සම්බන්ධ වී සිටිනවා.
ඔබ මෑතකදී ඔබේම නර්තන ඇකඩමියක් ආරම්භ කළා නේද?
එය ආරම්භ කර දැන් වසර හයක් වෙනවා. එය දිගටම පවත්වාගෙන යනවා. සෙනසුරාදා දිනවල තමයි පන්ති පැවැත්වෙන්නේ. එක් කාලයකදී වැඩකටයුතු සමඟ එය කරගෙන යාමට අපහසු වුණත්, මේ වන විට එය අඛණ්ඩව පවත්වාගෙන යනවා.
රංගන ශිල්පිනියක ලෙස ඔබ රූපය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනවාද?
රූපය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. අප නියැළී සිටින ක්ෂේත්‍රයත් සමඟ එසේ නොකර සිටින්නට බැහැ. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම හිතනවා. නමුත් මම බොහෝ විට යොමු වන්නේ ස්වභාවික දේවල් සහ ස්වභාවික ප්‍රතිකර්ම වෙතයි. ස්වභාවික නොවන දේවල්වලට මම වැඩිපුර යොමු වන්නේ නැහැ.
රංගන ශිල්පිනියක වීමේ සිහිනය ඔබ තුළ තිබුණේ කුඩා කාලයේ සිටමද?
කුඩා කාලයේ සිටම මම කලාවට ඉතා කැමැත්තක් දැක්වූවා. ඒ තිබූ ආසාව නිසාම උසස් පෙළ සඳහාත් නර්තනය තෝරාගත්තා. ඉන්පසු මම සෞන්දර්ය පීඨයේ නර්තන හා නාට්‍ය කලා පීඨයට ඇතුළත් වුණා. එයින් විශාල පන්නරයක් ලැබුණා වගේම කලාවට තිබූ ආසාවත් වැඩි වුණා. පසුව ජාතික තරුණ සේවා සභාවේ නර්තන හා නාට්‍ය කලා පාඨමාලාව හැදෑරුවා. ඒ හරහා ක්ෂේත්රයට පිවිසීමට විශාල කැමැත්තක් ඇති වුණා. ඒ සියල්ල මගේ කලා ගමනට විශාල පන්නරයක් වූ බව මම විශ්වාස කරනවා.
රංගනයට මෙන්ම නර්තනයටද දක්ෂ ඔබ මෙම ක්ෂේත්‍ර දෙක සමබරව පවත්වාගෙන යන්නේ කෙසේද?
මම ඉතා කාර්යබහුල කෙනෙක් නෙවෙයි. රංගන ක්ෂේත්රය තුළ මට එතරම් විශාල කාර්යබහුලත්වයක් ඇති වී නැහැ. නර්තන කටයුතු සඳහා මම සෙනසුරාදා දිනය වෙන් කරගෙන තිබෙනවා. ඉතිරි දිනවල කාලය සමබර කරගනිමින් රංගන කටයුතු කරගෙන යනවා. කාර්යබහුල වන අවස්ථාද නැතුවාම නෙවෙයි. නමුත් යමක් ආසාවෙන් සහ උනන්දුවෙන් කරන විට ඒ වෙහෙස දැනෙන්නේ නැහැ.
රංගනයෙන් දායක වීමට ඔබ කැමැත්තෙන් සිටින විශේෂ චරිතයක් තිබෙනවාද?
ආසා කරන චරිත නම් බොහොමයක් තිබෙනවා. නමුත් අප ආසා කරන ඇතැම් චරිත කාලයත් සමඟ අපට නොලැබී යා හැකි බව මම හිතනවා. අපේ තරුණ කාලයත් දැන් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා සමහර චරිත නොලැබෙන්නට පුළුවන්. විශේෂ චරිතයක්ම කරනවා යන අදහසේ මම නැහැ. ලැබෙන ඕනෑම චරිතයක් ආසාවෙන් ඉටු කරනවා යන ස්ථාවරයේ තමයි මම සිටින්නේ.
නර්තනයෙන් ලැබූ පන්නරය ඔබේ රංගන ජීවිතයට කෙතරම් දුරට බලපෑවාද?
මම බොහෝ මියුසික් වීඩියෝවලදී නර්තන හැකියාව ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. එවැනි හැකියාවක් ලබා දීම පිළිබඳව මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ටත්, මාව දිරිමත් කළ සෑම දෙනාටමත්, විශේෂයෙන්ම මගේ අම්මාටත් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මාත් නර්තනයට ඉතා කැමැති කෙනෙක්. ඒ නිසා එම හැකියාව රංගනයට මුසු කර ගැනීමට මට හැකියාව ලැබුණා.
ළඟදීම තිරගත වීමට නියමිත ‘Honeymoon Tomorrow’ සිනමා නිර්මාණය ගැන කතා කළහොත්?
එහි මම ලේකම්වරියකගේ චරිතයකින් තමයි රංගනයෙන් දායක වුණේ. ප්‍රියන්ත සිරිකුමාර මහතාව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔහු සමඟ රඟපෑමට ලැබීම මම ලැබූ විශාල භාග්‍යයක් ලෙස සලකනවා. ඔහු මම ඉතා ආදරය කරන, ස්වභාවික රංගනය ප්‍රගුණ කළ රංගන ශිල්පියෙක්. ඔහු සමඟ එම දර්ශනවල රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම අංජන අයියා සමඟත් රංගනයෙන් දායක වීමට හැකි වුණා. ඉතා ලස්සන කතා තේමාවක් ඇති එය විශේෂ සහ සුන්දර නිර්මාණයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඔබේ කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
බලාපොරොත්තු නම් බොහොමයක් තිබෙනවා. නමුත් ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු කරගත හැකි වේදැයි මම දන්නේ නැහැ. මම ජීවිතයේ බලාපොරොත්තු ඉදිරියට දමාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. මගේ සිහින බොඳ වූ අවස්ථා අනන්තයි. පෞද්ගලිකව ජීවිතයේ වෙනසක් කරගැනීමට උත්සාහයක් තිබෙනවා. ඒ කටයුතුත් සිතේ තබාගෙන තමයි මේ දිනවල වැඩ කරන්නේ. ඉදිරියටත් හොඳ නිර්මාණ ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.
(මූලාශ්‍රය: හාට් / නෙත්මි මල්ෂා)
ENGLISH SUMMARY: Sri Lankan actress and dancer Rukshana Dissanayake, known for her roles in popular teledramas such as Neela Pabalu and Lanwee, has confirmed that she is preparing for her upcoming wedding. Speaking in an interview with Heart newspaper conducted by Nethmi Malsha, she stated that she plans to share details about her partner only after he becomes her husband. Currently, Rukshana appears in the Rupavahini teledrama Sellakkarayo and a production on Hiru Digital TV, while also continuing to run her dance academy, which she founded six years ago and holds every Saturday. She is also gaining attention for her upcoming film Honeymoon Tomorrow, in which she plays a secretary alongside veteran actor Priyantha Sirikumara and Anjana. Reflecting on her artistic background, Rukshana noted that her passion for the arts led her to study dancing for her Advanced Level exams, enter the Faculty of Dance and Drama at the Faculty of Aesthetic Studies, and complete a course at the National Youth Services Council. Grateful to her teachers and her mother for supporting her talent, she added that while many of her past dreams have faded, she is now focused on making positive personal changes and taking on meaningful acting roles.