පුතුගේ උපන්දිනයේදී පියුමි තැබූ හැඟීම්බර සටහන

gossiplanka image 1
 

සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන, නිර්භීත මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් විදියට පියුමි හංසමාලිව නොදන්නා කෙනෙක් නැති තරම්.


මොනතරම් බාධක, විවේචන ආවත් තමන්ගේ එකම පුතු වෙනුවෙන් නොසැලී ජීවිතයට මුහුණ දෙන සෙනෙහෙබර මවක් හැටියටත් ඇය කාගෙත් අවධානය දිනාගත්ත කෙනෙක්.පසුගියදා ඇගේ එකම පුතු කාවිංගගේ උපන්දිනය යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබූ ආදරණීය උපන්දින සුබපැතුම සහ ඡායාරූප පෙළ මේ වනවිට මුළු සෝෂල් මීඩියාවම අතිශය හැඟීම්බර කර තිබෙනවා.


උපන්දිනය වෙනුවෙන් සුඛෝපභෝගී රතු පැහැති සුපිරි මෝටර් බයිසිකලයක් සහ විශේෂ කේක් ගෙඩියක් සමඟ පුතුගේ සතුට සමරන ඡායාරූප පෙළක් පළකරමින් පියුමි සටහන් කර තිබුණේ මෙවැන්නක්,


"Happy birthday to my precious son, Kavi! You are one of the greatest blessings in my life, and I’m so grateful to be your mum... Keep believing in yourself and reaching for your dreams—I’ll always be here cheering you on. I’m so proud of the kind and special person you are, and I love you more than anything in this world."තමන්ගේ පුතා තමාගේ මුළු ජීවිතයම බව පවසන පියුමි, බයිසිකලය තෑගි දෙමින් මවක් විදියට පුතාගෙන් කළ හදවත කම්පා කරවන ඉල්ලීම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක්කළා,


"ඔයාට කියන්න තියෙන්නේ එකම එක දෙයයි... අනේ පුතේ, වාහනේ පරිස්සමට පදින්න. අම්මට මේ ලෝකේ ඉන්නේ ඔයා විතරයි. ඒ අම්මා ඔයාට මහමෙරකටත් වඩා වටිනවා. අම්මගේ හීන, බලාපොරොත්තු හැමදේම රැඳිලා තියෙන්නේ ඔයාගේ ජීවිතයත් එක්කයි. ඒ නිසා කවදාවත් නොසැලකිලිමත් වෙන්න එපා. බයික් එක පදින හැම මොහොතකම අම්මාව මතක් කරගන්න. මොකද ඔයාට මොන තරම් වටිනා ගමනක් තිබුණත්, ගෙදර ඔයා එනකම් බලාගෙන ඉන්න ඒ අම්මගේ ආදරයට වඩා වටිනා දෙයක් නැහැ..."


මවකගේ අසීමිත ආදරය සහ සෙනෙහස කැටිවුණු මේ සංවේදී වදන් පෙළ දුටු රසික රසිකාවියන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක්, "දරුවෙක් වෙනුවෙන් හැමදේම කරන සැබෑ අම්මා කෙනෙක්", "පුතාට සුබ උපන්දිනයක් වගේම පරිස්සමෙන් බයික් එක පදින්න" යැයි පවසමින් සටහනට ආදරණීය සුබපැතුම් එක්කරමින් සිටිනවා. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post