ආදරයෙන් ඇරඹුණු දෙවැනි විවාහයටත් තිත තැබූ Baby Doll ගායිකාව

gossiplanka image 1
 ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වන Kanika Kapoor සිය සැමියා වන ව්‍යාපාරිකයෙකු වූ Gautam Hathiramani සමඟ විවාහ ජීවිතයෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.


විවාහ වී වසර හතරකට පසුව ගත් මෙම තීරණය පිළිබඳව ඇය සිය Instagram Story හරහා රසිකයින්ට දැනුම් දී තිබීම විශේෂත්වයක්.


ඇය එම සටහනෙන් සඳහන් කර තිබුණේ බොහෝ සිතා බැලීමෙන් අනතුරුව දෙදෙනා වෙන්ව යාමට තීරණය කළ බවයි. එකට ගත කළ කාලය වෙනුවෙන් කෘතඥ වන බවත්, ඉදිරි ජීවිතයට ඔහුට සුබ පතන බවත් ඇය සඳහන් කර තිබෙනවා.


එමෙන්ම මෙම පෞද්ගලික තීරණයට ගරු කරන ලෙසත්, තමන්ගේ පෞද්ගලිකත්වයට ඉඩ ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා.


කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ?


Kanika සහ Gautam වසර 15කට ආසන්න කාලයක් තිස්සේ එකිනෙකා හඳුනාගෙන සිටි මිතුරන් බවත් වාර්තා වෙනවා.


2021 වසරේ Gautam ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, 2022 මැයි 20 වැනිදා ලන්ඩනයේදී ඔවුන් විවාහ දිවියට පිවිස තිබෙනවා.


මෙය Kanika ගේ දෙවැනි විවාහයයි. ඇය මීට පෙර Raj Chandok සමඟ විවාහ වී සිටි අතර එම විවාහයෙන් දරුවන් තිදෙනෙකුද සිටිනවා.


විශේෂයෙන්ම ඇයගේ ජනප්‍රිය 'Baby Doll' සහ 'Chittiyaan Kalaiyaan' වැනි ගීත හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් Kanika ගේ මේ තීරණය මේ වනවිට ඉන්දියානු මාධ්‍යවලත් අවධානයට ලක්ව තිබෙනවා.


කෙසේ වෙතත්, ඔවුන් වෙන්වීමට හේතුව නිල වශයෙන් අනාවරණය කර නැහැ. දික්කසාද නඩු කටයුතු ආරම්භ කර ඇති බවක්ද තහවුරු වී නැහැ. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post