මේ වන විට අතිසාර්ථක ලෙස තිරගත වන 'රාමායණය' චිත්‍රපටයේ සීතාගේ චරිතයට පණ පොවන සායි පල්ලවීට එහිදී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතී. චිත්‍රපටය තිරගත වීමට පෙර ඇයව විවේචනය කරමින් සමච්චලයට ලක් කළ පිරිස් පවා මේ වන විට සීතාගේ චරිතය සඳහා සුදුසුම තේරීම ඇය බව පවසමින් ප්‍රශංසා කරන බව වාර්තා වේ.
සිනමා ක්ෂේත්රයට පිවිසි මුල් කාලයේ සිටම ඇය පවත්වාගෙන යන යහපත් ප්‍රතිපත්ති හේතුවෙන් ඇය වටා ශක්තිමත් රසික පිරිසක් ගොඩනැගී සිටින අතර, සිය නිර්මාණ තුළින් එම රසිකයන් කිසිදා කලකිරීමට පත් නොකිරීමට ඇය වගබලා ගනී. මුල් කාලයේදී අහිංසක 'මලර් ටීචර්' ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් සායි පල්ලවී, පසුව දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් සිනමාව තුළින් තහවුරු කළාය.
පසුගියදා තිරගත වූ 'අමරන්' දමිළ චිත්‍රපටයේ සාර්ථකත්වය සඳහා සායි පල්ලවීගේ රංගනය විශාල දායකත්වයක් ලබා දුන්නේය. එම නිසා 'අමරන්' චිත්‍රපටයේ අධ්යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි කෙරෙහි තමා තුළ විශාල විශ්වාසයක් පවතින බව ඇය සඳහන් කර තිබේ.
මෙවර ඇයට ධනුෂ්, මම්මුට්ටි සහ නසරුදීන් ෂා වැනි ඉන්දීය සිනමාවේ ප්‍රවීණ සහ දැවැන්ත රංගන ශිල්පීන් සමඟ කරට කර රංගනයේ යෙදීමට අවස්ථාව හිමිව තිබේ. 'O.M' චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උළෙලේදී අදහස් දැක්වූ ප්‍රවීණ නළු මම්මුට්ටි පවසා ඇත්තේ, මෙම චිත්‍රපටයේ වීරයන් තිදෙනෙකු සිටින බවත්, ඉන් පළමුවැන්නා චිත්‍රපටයේ කතා තේමාව වන අතර දෙවැන්නා ධනුෂ් සහ තෙවැන්නා සායි පල්ලවී බවත්ය.
මෙම චිත්‍රපටයේ කාන්තා පොලිස් නිලධාරිනියකගේ චරිතය නිරූපණය කරන සායි පල්ලවීගේ ක්‍රියාදාම ජවනිකා කිහිපයක්ද ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇත. නිකුත් වූ පූර්ව ප්රචාරක පටයට අනුව ඇය මෙහි තරමක් රෞද්‍ර පෙනුමකින් යුත් චරිතයක් නිරූපණය කරන බව පෙනී යයි.
එම චරිතයට අවශ්‍ය පෙනුම නිසි ලෙස ලබා ගැනීම සඳහා කොණ්ඩය කැපුවහොත් වඩාත් සුදුසු බව අධ්යක්ෂවරයා පැවසූ විගස, දෙවරක් නොසිතා ඇය සිය කොණ්ඩය කොටටම කපා දමා තිබේ. කිසිදු පෙර දැනුම් දීමකින් තොරව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් සිය මව ඇය සමඟ අමනාප වී කතා නොකර සිටි බවද සායි පල්ලවී පවසා ඇත.
මේ අනුව, මෙම සිකුරාදා සිට සායි පල්ලවීව සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ රංගනයකින් යළිත් රිදී තිරයේදී දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.
ENGLISH SUMMARY: Popular Indian actress Sai Pallavi has revealed that her mother stopped speaking to her in anger after she cut her hair short without prior notice for her upcoming film, O.M. Releasing this Friday, the movie features Sai Pallavi in a fierce female police officer role complete with action sequences, acting alongside veteran stars Dhanush, Mammootty, and Naseeruddin Shah. Following her acclaimed performance in the Tamil hit Amaran, Sai Pallavi placed complete trust in director Rajkumar Periasamy when he suggested the haircut to achieve the right look for the character. At the film's audio launch, Mammootty praised the project, stating that O.M has three heroes: the plot, Dhanush, and Sai Pallavi. Meanwhile, Sai Pallavi is also earning widespread praise for her role as Sita in Ramayana, winning over critics who had previously trolled her before the film's release. Known for her early breakthrough as Malar Teacher, she continues to impress her loyal fan base with versatile performances.